18 කොටස

446 135 67
                                    

"ම්හ්...."

හිමීට කෙඳිරි ගාන ගමන් ලොකු ඈනුමක් පිට කරපු ජිමින් බ්ලැන්කට් එක ඇතුලෙ ගුලි වෙලා තවත් තදින් ඇස් පියා ගත්තා.






"නිදි මත යන්නෙම නෑ..."

"වාව්.. මේ ඇඳ නම් හරිම සොෆ්ට්. හරිම සනීපයි.  ජන්කුක් සැපට නිදා ගන්නවා ඇති. අපෙ ඇඳවල් තමා ගල් ගෙඩි වගේ තියෙන්නෙ..."

"වාව්. මාව මේක ඇතුළෙ ගිලෙනවා"

තමන්ටම කියා ගත්ත ජිමින් හයියෙන් හුස්ම ගන්න ගමන් වකුටු වෙලා එක ඇහැක් ඇරියා.






"සෝ සෝ හයින්ග්‍රි. මට ගොඩක් බඩගිනියි නෙ"

එක ඇහැක් ඇරගෙන බ්ලැන්කට් එක ඇග වටේ ඔතා ගත්ත ජිමින් තමන් නිදා ගන්න කලින් ඉතිරි කර ගත්ත බිස්කට් තිබ්බ ප්ලේට් එක දිහා බැලුවේ නොදැනීමයි.





"වට්..?"

තමන් දැක්ක දෙයින් ජිමින් ගෙ මූණ ඇද උනා.


"වට් ? මගෙ රෝස පාට බිස්කට් එකක් ජන්කුක් හොරෙන් කාලා..!!!"

බිස්කට් දෙකෙන් එකක් අඩුයි කියලා දැන ගත්ත ජිමින් තරහෙන් කෑ ගහගෙන හයියෙන් ඇඳට ගැහුවේ ජන්කුක් ගෙ නම කියා කෑ ගහන ගමන්.




" මොකද මෙච්චර හයියෙන් කෑ ගහන්නෙ"

ජිමින් මහ හයියෙන් කෑ ගහනකොට ජීමින් ට කරදරයක් වෙලා කියා හිතලා කලබලෙන් එතනට දුවගෙන ආව ජන්කුක් ජිමින් අතේ බිස්කට් තිබ්බ ප්ලේට් එක තියාගෙන කෑ ගහනවා බලාගෙන හිටියා.




"මොකක්ද ප්‍රශ්නේ?''

"ඔයා මගෙ රෝස පාට බිස්කට් එකක් කෑවේ ඇයි ජන්කුක්..?? මම නැගිටලා කන්න ඉතිරි කර ගත්තෙ"

ජිමින් තරහෙන් පිපිරෙන ගමන් කෑ ගහන කොට ජන්කුක් ගෙ බය පිරිලා තිබුණු ඇස් දෙක තරහෙන් වැහෙන්න ලොකු වෙලාවක් ගියෙ නැහැ.



"මම කාපු ඇති බිස්කට් එකක් නෑ. තමුන්ම...."

ජන්කුක් තරහෙන් කියන්න ගියත් ජිමින් ඔහුට වාක්‍ය සම්පූර්ණ කරන්න ඉඩ නොදී ඊට කලින් මැද්දෙන් පැන්නා.




"මොකද නැත්තෙ? මෙතන බිස්කට් දෙකක් තිබ්බා. දැන් එකයි තියෙන්නෙ!!"

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now