33 කොටස

365 100 92
                                    

"හායි ටේ...."

පහුවදා ඩාන්සින් ප්‍රැක්ටිස් වලට පස්සෙ ජන්කුක් දුන්න ලන්ච් බ්‍රේක් එක ගන්න ජිමින් ටේහ්‍යුන් ගෙ කඩේට ඇවිදගෙන ගියා. ජන්කුක් ඩාන්සින් ප්‍රැක්ටිස් අස්සෙ ජිමින් එක්ක හැසිරුනෙ ජිමින්ව අදුරන්නෙ නැති ගානට නිසා ජන්කුක් නම් ජිමින් එක්ක ආවෙ නෑ.




"හායි ජිමින්. ලන්ච් එකට මොනවාද?"

"ඔයා දන්නවා නේ ටේ. අර මනුස්සයා කියන්නෙ සැහැල්ලු ආහාර ගන්න කියලා නෙ. ප්ලීස් මට චිකන් සැන්විජ් දෙකක් දෙන්න. මතක් කරලා බර මැනලා දෙන්න පුලුවන් ද?"

ජිමින් ඇස් බෝල කරලා අහනකොට එක සැරේටම ටේහ්‍යුන්ට හිනා ගියා.



"ඕකේ ඕකෙ. මම දෙන්නම්. ඉඳගන්නකො"

ජිමින් එක්ක හිනා උන ටේහ්‍යුන් විනාඩි පහක් යන්නත් කලින් ලොකුම ලොකු චිකන් සැන්විජස් දෙකක් උස්සගෙන ආවා.




"හම්මෝ ටේ. මේ වගෙ සයිස් එක. ජන්කුක් දැක්කොත් ජන්කුක් ට හාට් ඇටෑක් එනවා"

"කවුද ජන්කුකී ට කියන්නෙ"

ජිමින් ඇස් බෝල කරගෙන කෑ ගහනකොට ටේහ්‍යුන් ජිමින් එක්ක හිනා වෙන ගමන් ලොකු සැන්විජස් දෙක මේසෙ උඩින් තිබ්බා.




"ජිමින්. මට දෙයක් කියන්න තියෙනවා"

ජිමින් ලේයස් දහයක් විතර තියන සැන්විජ් එක කන්න කට අරිනකොට ටේහ්‍යුන් ජිමින් ගෙ ඉස්සරහින් වාඩි වෙනකොට ජිමින් ටේහ්‍යුන් දිහා බැලුවා.



"මොකක්ද ටේ?"

"ජිමින් දන්නවාද? මම පපා කෙනෙක් වෙන්න යන්නෙ"

ටේහ්‍යුන් ලැජ්ජාවෙන් රතු උන මූණත් එක්ක බිම බලා ගන්න ගමන් කියනකොට ජිමින්ට ඉස්මොල්ලෙ ගියා.




"මම හිතන්නෙ... මේ දවස් වලට උදේට මට වොමිට් උනේ ඒකයි. අයිම් සෝ සෝ හැපී ජිමින්"

හිමීට තමන්ගෙ ටමී එක පිරිමදින ගමන් ටේහ්‍යුන් කියනකොට ජිමින්ටත් ඒ සතුට දැකලා සතුටක් දැනුනා. සතුටෙන් හිනා වෙන ගමන් ජිමින් ටේහ්‍යුන් ගෙ අත් දෙකම අල්ලගෙන හිනා වෙනකොට ටේහ්‍යුන්නුත් ජිමින් එක්ක හිනා උනා.




𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now