03 කොටස

566 171 48
                                    

තමාව ජන්කුක් ඔහු සමග කල ඉදිරිපත් වීම් සඳහා තෝරා ගත් නිසා දින ගණනාවක් පුරා ජන්කුක් සමග පුහුණු වීම් කරන්න ජිමින්ට සිද්ධ උනෙ ලොකු වෙහෙසක් ඉවසගෙන. ජිමින් බලාපොරොත්තු උනාටත් වඩා ඒ පුහුණු වීම් කටුක උනේ ජන්කුක් ජිමින්ට පුංචිම හෝ නිවාඩුවකට ඉඩ නොදෙමින් ඔහු සමග පුහුණු වීම් කල නිසා.

අදත් පැය ගානක් තිස්සෙ කල පුහුණු වීම් වලින් අනතුරුව , ජන්කුක් සහ ඔහු අවසානයේ කල නර්ථනය අවසානයේ වේදිකාව මත පා තිබ්බ ජිමින් තමන්ගෙ දෑත් ඔවුන් භාවිතා කල කේබල් වලට කැපී තුවාල වී තියෙන අයුරු බලාගෙන හිටියා.

"It's ok ජිමින්. මමා වෙනුවෙන් ඉවසන්න. ඔයාට පුලුවන් ජිමින්."

තමන්ගෙ කැපුනු දෑත් වලට තොල් උල් කරලා පිඹින ගමන් ජිමින් තමන්ටම මුමුණා ගත්තෙ දැනුන වේදනාවට ඔහුගෙ දෑස් වල කඳුලු පිරිනකොට.

"ජිමින්. හොඳට පර්ෆෝම් කරන්න නම් මේ පොඩි වේදනාව ඉවසන්න ඕනෙ. නැති නම් හෙට ජිමින්ට වැරදෙයි ස්ටෙප්ස්. එහෙම උනොත් අර බංගලා රාක්ෂයා ඔයාගෙ ඔලුව කයි."

ජිමින් තමන්ටම මුමුණා ගත්තෙ හෙට තියන ඉදිරිපත් කිරීම සිහිපත් කරන ගමන්. ජන්කුක් සමග ප්‍රධාන නර්තන සහකරු ලෙස ඉදිරිපත් කිරීම් කිරීමට ජිමින් කොතරම් පුහුණු වීම් කලත් ජිමින් ඇත්ත වශයෙන්ම ගොඩක් බය උනා තමන්ගෙ පුංචි වැරැද්දකට පවා අනිත් නර්ථන සහකරුවන් ඉදිරියේම ජන්කුක් ඔහුට බැන වදින විදියට.


"හරි. පැය භාගයක බ්‍රේක් එකක් ගන්න. 12.30 වෙද්දී මෙතනට එන්න"

"ඕනෙවට වඩා කෑම ගන්න එපා. බඩ කොර වෙයි"

වේදාකාව හරහා ඇවිද ගෙන ගියපු ජන්කුක් දහවල් ආහාර සඳහා පුහුණුවීම් නතර කරනකොට කිසිවක්  සතුටින් හිනාවෙන ගමන් ජිමින් ආපසු හැරෙනකොට , ජන්කුක් ඔහු දිහා බලාගෙන මිමිණුවා.

"ඕකේ ජන්කුක්. මම සැහැල්ලු ආහාරයක් ගන්නම්"

ජන්කුක් ගෙ නපුරු කොයි වෙලෙත් රවාගෙන ඉන්න ඇස් දිහා බලපු ජිමින් පසෙක පුටුවක් මත තිබුණු ගමන් මල්ලෙන් මුදල් නෝට්ටු කිහිපයක් පිටතට ගත්තෙ කෝපයෙන් මුමුණන ගමන්.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now