35 කොටස

336 111 51
                                    

"සීතලයි......"

තමන්ටම මුමුණා ගත්ත ජිමින් බෙඩ් ෂිට් එක අස්සෙ තවත් ගුලි උනා.

වේට්!

බෙඩ් ෂීට් එක අස්සෙ?

ජිමින් උඩ ගිහින් ඇහැරුනා.

කලින් දවසෙ රෑ ජන්කුක් එක්ක කීයටවත් එක ඇඳ උඩ නිදා ගන්නෙ නෑ කියල වාද කරපු ජිමින් සෝෆා එකෙ නිදා ගත්තත් නැගිට්ටෙ බෙඩ් එක උඩ.




"මම කොහොමද මේක උඩට ආවේ?"

තමන්ටම මුමුණා ගත්ත ජිමින් ඇඳෙන් බිමට පැනලා වට පිට බැලුවත් ජන්කුක් පේන්න නම් හිටියෙ නැහැ.



"මම කිව්වා කලින්ම , ඔයා වගේ චීටර් කෙනෙක් එක්ක මට එකට ඉන්න ඕනෙ නෑ කියලා යූ ඩික් හෙඩ්!!"

ජිමින් රූම් එක දෙවනත් වෙන්න කෑ ගැහුවෙ ජන්කුක් කොහෙ හරි මුල්ලක ඉඳලා මතු වෙයි කියන බලාපොරොත්තුවෙන් උනත් ජන්කුක් නම් පේන්න හිටියෙ නැහැ.





"කොහෙ ගිහින් ද? එයා ඊයෙ අච්චර කලබලෙන් හිටියෙ කරදරයක් වත් ද?"

ජිමින් කල්පනාවට වැටුනා.


"වේට් අ මිනිට් ජිමින්. මොකටද ඔයා එයා ගැන හිතන්නෙ. සරලව කිව්වොත් මට වැඩක් නැහැ කොහෙත්ම එයා ගැන. එයා ඔයාට මාසයක් තිස්සෙ චීට් කලා ජිමින්"

ආයෙත් සැරයක් පරණ මතක අවධි වෙලා  - ජන්කුක් එක්ක candy floss කාපු හැටි , ජන්කුක් ගෙ කරේ එල්ලිලා ගියපු හැටි , ජන්කුක් ගෙ හිනා ව බලන්න පිස්සු වැඩ කරපු හැටි මතක් වෙලා ඒ ලොකු අලු පාට ඇස් කඳුලින් පෙගෙනකොට ඉක්මනට කඳුලු කැට පිහ දා ගත්ත ජිමින් රූම් එකෙ දොර ඇරගෙන එළියට ආවෙ රැක් එක උඩ එල්ලලා තිබ්බ ඇඳුමත් අරගෙන.

"එයාට මාව වදයක් වෙන්න ඇති"

ජිමින් හිත හදා ගන්න මිමිණුවත් උනෙ ඒ හිත තව පෑරුණු එක විතරයි.

___

රඟහලෙ මේන් ඩොර් එක ඇරපු ජිමින් කඳුලු පිහදාන ගමන් එලියට බැස්සාම එලියෙ ගේට්ටුව ගාව එච්චර මිනිස්සු පිරිලා හිටියෙ මොකද කියලා ජිමින් බැලුවා.



"මොකද මේ...?"

හයියෙන් කතා කරන , කෝල් ගන්න මිනිස්සු දිහා බලාගෙන හිටපු ජිමින්ගෙ හදවත කවදාටත් වඩා වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.




𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now