බොඳ උන දෑස් එක්ක ඇස් දෙක ඇරපු ජිමින් දැක්කෙ තමන්ගෙ මූණට එබිලා තියන විශාල ඇස් දෙකක්. දුඹුරු පාටට හුරු කෝපි පාට ඇස් දෙකෙ පිරිලා තිබුණු අනුකම්පාව දැක්ක ජිමින් මොහොතක් විශාල කර ගත් දෑසින් යුතුව ඒ දිහා පුදුමෙන් බලාගෙන හිටියා.
"ඩොක්ටර් එයා නැගිට්ටා"
සතුටක් ඇඳුනු ඒ ඇස් වේගයෙන් ඇසි පිය හෙළනකොට ඇහුන හුරුපුරුදු කටහඩ එක්ක ඇස් දෙක පොඩි කරන ගමන් ජිමින් ඇදෙ වාඩි වෙනකොට ඔහු දුටුවේ ඔහුට ඉඳගන්න ඉඩ දිලා මදක් එහාට උන ඔහුගෙ මුහුණට එබිලා හිටපු පුද්ගලයා.
"ජ..න්කුක්.. මට මොකද උනේ?"
සුදු පාට ඇතිරිලි එලපු පිරිසිදු ඇඳ දිහා බලන ගමන් ඔහු හිටපු කුඩා නමුත් හුරුබුහුටි , ආලෝකයෙන් පිරුණු කාමරය වටා දෑස් යවන ගමන් ජිමින් මිමිණුවා.
"ජිමින්.. ආ යූ ඕකේ... වේට් අ මිනිට් , මම ඩොක්ටර් ව එක්කන් එන්නම්"
ජිමින් දිහා බලලා මුමුණපු ජන්කුක් එතැනින් එලියට ඇවිදගෙන යනකොට කිසිවක් තේරුම් ගන්න බැරුව ඔහු යන දිහා බලාගෙන හිටපු ජිමින් මතකයන් අවුස්සන්න උත්සාහ කලේ ඔහුට තාමත් කිසිවක් වටහා ගන්න බැරි උන නිසා
.
"මමා..."
"ම..මගෙ මමා.. ? ඒක ඩ්‍රීම් එකක් නේද? ඔ..ඔවු! ඒක ඩ්‍රීම් එක...ක්"
හදිසියේ සිදු උන අවාසනාවන්ත සිදුවීම් දාමය එක පෙලට හිතට නැගෙන කොට ජිමින් ගැහෙන ගමන් ඇඳෙන් නැගිටින්න උත්සාහ කලේ ඇස් දෙකෙන් ගලන කඳුලු එක්ක.
"මමා... ඔයා හොඳින් නේද මමා"
හයියෙන් කෑ ගහන ගමන් දොර ළගට ජිමින්ව දුවගෙන යනකොට විවෘත උන දොරෙන් ආව ජන්කුක් වගේම වෛද්‍යවරයා ජිමින්ව තද කරලා අල්ලා ගන්නකොට ජිමින් පිස්සුවෙන් වගේ කෑ ගහන ගමන් ඔවුන්ට පහර දෙන්න ගත්තා.
"මට යන්න දෙනවා... ලෙට් මී ගෝ! මගෙ මමා ගාවට මට යන්න දෙනවා.. මට යන්න දෙනවා"
ජිමින් කෑ ගහන ගමන් ඔහුගෙ පුංචි අත් වලින් ඔවුන්ට පහර දෙන්න උත්සාහ කරනකොට ඔහුව තද කරලා අල්ලා ගත්ත ජන්කුක් වගේම වෛද්‍යවරයා ඔහුව ඇඳ මත ට ගෙනියනකොට ජිමින් කෑ ගහ ගහ ඇඩුවා.
YOU ARE READING
𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓
Fanfictionදිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි! boyXboy (jikook) Top kook | Bottom Jimin Started date - 29 April 2022 Completed - 28 Aug 2022