08 කොටස

478 155 27
                                    

"ජන්කුක්... හිමීට... හිමීට යන්... ආආආආආආආආආආ... මේවා බරයි. හහ්. නපුරු ඇස්. නපුරා..."

"හහ්. එයා දේහ ධාරියා වගේ හිටියට මම කෙට්ටුයි. හුළං පොම්පෙන් හුලං ගහලා වගේ අත පය. නපුරු ඇස්."

"ජන්කුක් හිමීට යන්කෝ!!"
දෙතොල් නොපිට පෙරලා ගන්න ගමන් මුමුණපු ජිමින් අපහසුවෙන් අත් දෙකෙන්ම ඔහුගෙ අතෙ උන බෑගය උසවා ගෙන ජන්කුක් දිහා බැලුවා.

"හහ්! ඇහෙන්නෙ නැහැ වගේ යන හැටි. තියන නපුරුකම! දෙවියෝ මෙයාව මවනකොට නපුරු කම වැඩිපුර හැලිලාද මන්දා හහ්!!"

ජිමින් තනියම කියවන ගමන් වේගයෙන් ඉදිරියෙන් ගමන් කරන ජන්කුක් ගෙ පසුපස යනකොට ජන්කුක් එක සැරේම නැවතුනෙ ජිමින් ඇවිත් ජන්කුක් ගෙ පිටේ හැප්පෙනකොට.

"ආආආහ්. මගෙ නහය.."

මූණ බෙරි කර ගත්ත ජිමින් දෙතොල් නොපිට පෙරලගෙන රිදුම් දෙන නහය අත ගාගන්නකොට ඔහු ගෙ පැත්තට හැරිනු ජන්කුක් ඔහු දිහා බැලුවා.

"ජිමින් මොකද  ඔච්චර තනියම කියවන්නෙ?"

"මොකුත් නෑ.. ජන්කුක් ට ඇහුන හැටි වෙන්න ඇති"

ජන්කුක් එක් ඇහිබැමක් උස්සන ගමන් අහනකොට දෙතොල් නොපිට පෙරලා ගත්ත ජිමින් හිමීට මුමුණන ගමන් වේගයෙන් ඇසි පිය හෙළන ගමන් ජන්කුක් ට රවනකොට , ජන්කුක් හිනා වෙලා ජිමින් දිහා බලලා ඔවුන්ට මදක් එහා පැත්තෙන් තිබුණු ලොකු කාර්නිවල් එක දිහා බැලුවා.

" ජිමින් දන්නවාද ඉස්සර මම  ඩැඩ් එක්ක කතුරු ඔන්චිල්ලා පදින්න යනවා."

ජන්කුක් කාර්විනල් එකෙ අයිනෙම කැරකෙන  දැල් ගහපු වැටෙන් එහා පැත්තෙ පේන කතුරු ඔන්චිල්ලාව දිහා බලාගෙන මුමුණන කොට ජිමින් කිසිවක් නොකියා ඔහු දිහා බලාගෙන හිටියා.

"කතුරු ඔන්චිල්ලා?"

ජිමින් අහනකොට ජන්කුක් සිනාමුසුව කතුරු ඔන්චිල්ලාව දිහා බලනකොට ඒ ඇස් වල කියා ගන්න බැරි තරමේ හැගීම් ගොන්නක් පිරෙන කොට ඒ ඇස් අනන්තය දක්වාම විහිදෙන අයුරු ජිමින් බලාගෙන හිටියා. ලෝකයෙන් එහා ගිය අනන්ත විශ්වය දිහා බලනවා වගේ හැගීමකි න් තාලකයට කැරකෙන කතුරු ඔන්චිල්ලාව දිහා බලාගෙන හිටපු ජන්කුක් ඔහුගෙ දෙතොල් තෙත් කර ගත්තා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now