15 කොටස

434 141 69
                                    

ඊළග මොහොතෙ ජිමින් සහ ජන්කුක් සීතල හිම පිරුණු උයනෙ හිම මිනිසුන් හදමින් හිටියා. ලොකු හිම බෝලයක් මත තවත් පුංචි හිම බෝලයක් තිබ්බ ජිමින් මේපල් කෝටු වලින් ස්නෝ මෑන්ගෙ අත් දෙක හදලා හැඩ බැලුවා. මේපල් කෝටුවකින් ම නහය තිබ්බ ජිමින් ජන්කුක් ගෙන් කවදාවත් නොදෙන්න 'ණයට' ඉල්ලා ගත්ත කෝපි ඇට වලින් ස්නෝ මෑන්ගෙ කට හදන්න ගත්තා.

'හරි දැන් නම් මෙයා නපුරු ඇස් වගේමයි'

තරහ ගියපු ආකාරයක් දක්වන විදියට කට අනිත් පැත්තට කරලා ස්නෝ මෑන් ගෙ කට සකස් කරපු ජිමින් තමන්ට පිටු පාගෙන ස්නෝ මෑන් කෙනෙක් ගෙ මූණ සරසන ජන්කුක් දිහා බලාගෙන තනියම හිනා උනා.

'නපුරු ඇස්ගෙ පෙනුමත් දැන් මෙයාගෙ වගේ ඇති. නපුරුයි.. බට් සෝ සෝ කියුට්.'

තමන් එක්කම හිනා වෙන ගමන් ස්නෝ මෑන්ට කොඳුරපු ජිමින් ජන්කුක් දිහා මොහොතක් බලාගෙන හිටියා.




ස්නෝ මෑන් ලස්සනට හිනා වෙලා බලාගෙන ඉන්න විදියට කෝපි ඇට වලින් ඔහුගෙ කට සකස් කරපු ජන්කුක් මුහුණට මද සිනහවක් අරගෙන ඔහු දිහා බලාගෙන හිටියා.

"ඩැඩ් , මට ස්නෝ මෑන් ලා තුන්දෙනෙක් ඕනෙ. කියුට් චබී ස්නෝ මෑන් ලා තුන් දෙනෙක්"

"හරියට අපේ කුකී වගේ කියුට් චබී ස්නෝ මෑන්ලද?"

"ඩැඩ්! මම චබී නෑ"

"මොකද නැත්තෙ මගෙ කුකී චීස් බෝලයක් වගේ"

තමන් සහ තමන්ගෙ පියා එලිමහනෙ ගත කරපු සුන්දර මතක එකින් එක සිහිපත් වෙනකොට ජන්කුක් ඇස් වලට නොදැනීම කඳුලු පිරුණත් වේගයෙන් ගසපු ඇහි පිල්ලම් දෙකකින් කඳුලු කැට හංගා ගත්ත ජන්කුක් ජිමින් ගෙ ස්නෝ මෑන්ට එබුනා.



"ඔහ් ජන්කුක්. බලන්න එයාගෙ ලස්සන. ඔයාගෙ ස්නෝ මෑන්ට වඩා මගෙ කෙනා ලස්සනයි"

ජිමින් හුරතල් විදියට අත් දෙක දෙපැත්තට කරගෙන කෑ ගහලා කියනකොට ජිමින්ගෙ ඔලුවෙ තියන තාරාවෙක් ඉන්න අයිස් කැප් එකත් , රෝස පාට ග්ලව්ස් දෙකත් එක්ක ජන්කුක් ට ජිමින්ව පෙනුණෙ ඩෝල් කෙනෙක් වගෙ.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now