20 කොටස

450 135 158
                                    

නත්තල සඳහා සැලසුම් කල පරිදි නර්තන පුහුණු වීම් මහන්සියෙන් කල පිරිස තම තමන්ගෙ නිවෙස් බලා ඇවිදගෙන යනකොට තමන්ව ගනන් ගන්නෙ වත් නැතුව ඉස්සරහට ඇවිදගෙන ගියපු ජන්කුක් දිහා බලපු ජිමින් සුසුමක් හෙළුවා.





"ජිමිනා"

"හොසොක් හියුන්ගි?"

කතාවක් නැතුව පැත්තකට වෙලා හිටගෙන තමන්ගෙ කණ්ඩායම පිටව යන දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා පපුවට අත් බැඳගෙන බලාගෙන හිටපු ජිමින්ට හොසොක් බාධා කලා.




"එදා රෙඩ් රෝස් එකෙ අයිතිකාරයාව හම්බුනා ද?"

හොසොක් ජන්කුක් දිහා හොරෙන් බලලා ඇහැක් ගහන ගමන් අහනකොට ජිමින් උඩ ඉඳන් පහලටම රත් පැහැ ගැන්වුනා.බ


"අහ්.. නෑ ...ඔව් "

"මොකද නෑ ඔව් දෙකක්"

ජිමින් ගොත ගහනකොට හොසොක් හිනා වෙන ගමන් අහනකොට ජිමින් හයියෙන් හුස්ම ගත්තා.


"ම්.. අපි ඒ ගැන පස්සෙ කතා කරමුද හියුන්."

ජිමින් මූණ රතු කරගෙන කියනකොට කිසිවක් නොකී හොසොක් හිස ඉහල පහලට වනලා හිනා උනා.



"ජිමින් දැන්ම එන්නෙ නැහැ කියලා මම දන්නවා. සෝ මම යන්නම්. ගුඩ් ලක් ජිමින්"

ජිමින් ජන්කුක් දිහා හොරෙන් බලන ගමන් හිටගෙන ඉන්නවා දැක්ක හොසොක් එතනින් ඇවිදගෙන යනකොට කිසිවක් නොකී ජිමින් හිමීට ජන්කුක් ට කිට්ටු කලා





"ජන්කුක්.. ආආ නෑ කුකී.."

ජන්කුක් ට ලං වෙලා ජන්කුක් ගෙ අතකට ඇගිල්ලකින් ඇන්න ජිමින් විරිත්තනකොට ජන්කුක් ජිමින් දිහා හිස හරවලා බැලුවා.



"Yes my marigold?"

ජන්කුක් ජිමින් දිහා බලලා අහනකොට ජිමින්ට දැනුනෙ ඔහුගෙ කම්මුල් දෙක සෙල්සියස් අංශක සෘණ ගානක උෂ්ණත්වයක් තියන මේ මොහොතෙ , අවන් එකකට දැම්මා වගෙ රත් වෙනවා.

ඉක්මනට අත් දෙකෙන් කම්මුල් දෙක වේගයෙන් පිරි මැද්ද ජිමින් කිසිවක් නොකියා පපුවට අත් දෙක තද කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියෙ ඔහුගෙ හිතෙ තියන හැගීම් තාමත් තේරුම් ගන්න බැරුව.


𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now