22 කොටස

368 135 53
                                    

"හෝම් ස්වීට් හෝම්"

ජිමින් ගෙදර දොර එයා ගාව තිබුන එක්ස්රා කී එකෙන් අරින ගමන් කිව්වෙ යන්තම් හිනා වෙන ගමන්.


"ජන්කුක් එන්න ඇතුලට"

ඇතුලට ඇවිදගෙන ගියපු ජිමින් ජන්කුක් ට ඇතුලට එන්න ආරාධනා කරනකොට ජන්කුක් ගේ තුලට ඇතුලු උනෙ වටපිට බලන ගමන්. පරණ පන්නයේ විශාල නිවස වඩා අඳුරු සීතල ගුප්ත ස්වභාවයක් ගත්තෙ දහවල් වරුවෙ පවා ලයිට් නැතුව ඉන්න බෑ කියලා ජන්කුක් ට තේරෙනකොට. දොර ලග තිබ්බ ස්විච් එක තද කරපු ජිමින් තමන් ගෙ පරණ ගෙදර පුරාම ඇස් යවලා සුසුමක් හෙළුවා.



"ජිමින්ගෙ ගෙදර ලස්සනයි"

වටිනා දැව වලින් නිර්මාණය කරපු විශාල නිවස පුරා දෑස් යවන ගමන් ජන්කුක් කියනකොට ජිමින් හිනා උනා.



"යස්. ලස්සනයි. මගෙ මමා මාව අද පිලි ගන්න ඉස්සරහට දුවගෙන ඇවිත් අනේ මගෙ චිමී ඇවිල්ලා කියලා කිව්වා නම් ඒ ලස්සන තවත් වැඩි වෙයි"

හිමීට මුමුණපු ජිමින් තමන් දිහා දෙන්න උත්තරයක් හිතා ගන්න බැරිව බලා ගෙන ඉන්න ජන්කුක් දිහා බලලා හිනා උනා.





"ඔහ්. වැඩියෙ හිතන්න එපා කුකී. අපි ගිනි උදුන පත්තු කරමු."

ජිමින් කිව්වම හිස සලපු ජන්කුක් ඇතුලට ඇවිදගෙන ආවා.

______



"ඔහ්... ඕකේ... මම සේරම දේවල් ගත්තා. කොටින්ම කිව්වොත් මම පොඩි කාලෙ ඇන්ද යට කලිසම් පවා ගත්තා. අපි යමු"

තමන්ගෙ බඩු බාහිරාදිය අර ගෙන ලොකු මල්ලකට දා ගත්ත ජිමින් පඩිපෙල බහින ගමන් හිටගෙන රාක්කයක් මත තියන විවිද සමරු දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා බලලා කිව්වා.





"මට නම් මේක උස්සගෙන යන්න බෑ... ඕ ගෝඩ්. මේක හරිම බරයි. කුකී මගෙ කුකී... මේක මම වෙනුවෙන් අරන් යනවා නේද?"

"ගෝඩ්!! මම කියන දේ අහගෙනද ඉන්නෙ. ජන්කුක්."

"ජන්කුක්..!! මේ මනුස්සයා ගිනි උදුන පත්තු කරලාත් නෑ. ගල් ගැහෙන සීතල"
ජිමින් වෙව්ලන ගමන් කෑ ගැහුවා.


"ජන්කුක් මාව ගනන් ගන්නවා."

"ෆක් යූ ජන්කුක්. ඉන්නවාකො අර ඕනෙ කිව්ව ළමයි දහය දෙන්නෙ නෑ. එතකොට තේරෙයි මේ ජිමින්ගෙ තරම!"

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now