24 කොටස

383 129 46
                                    

"ජිමින් එන්න. දැන්වත් යමු"

අන්තිම සතේ වෙනකම් හිඳිලා හිටපු ජන්කුක්  රෝස පාට කැන්ඩි ගොඩකුයි , ලොකු ක්‍රිස්මස් පැන්ඩා කෙනෙකුයි බදා ගෙන සෙල්ලම් බඩු කඩයක් දිහා බලාගෙන හිටපු ජිමින්ගෙ අතින් ඇද්දා. අත ගැලවිලා වැටෙන තරම් බර ක්‍රිස්මස් ඩෙකරේෂන් තොගයත් උස්සගෙන ජිමින්වත් තමන්ට වාරු කර ගත්ත ජන්කුක් අමාරුවෙන් ඇවිදගෙන එනකොට ජිමින් දෙතොල් නොපිට පෙරලගෙන ජන්කුක් ගෙ පස්සෙන් ඇවිදගෙන ආවෙ කෙඳිරි ගාන ගමන්.

__

බස් එකෙ නැගලා නැවතත් රඟහල වෙත ආව ජන්කුක් සහ ජිමින් ඔවුන් උස්සගෙන ආව බඩු පැත්තකින් තිබ්බා.  ඒ වන විටත් විශාල ක්‍රිස්මස් ට්‍රී එක ලොරියකට පටවගෙන ගෙනත් තිබ්බ නිසා ඒක බිමට බාන එක බලන්න ජිමින්ට බාර දීලා ජන්කුක් ඇතුලට ගියේ වතුර ටිකක් බොන්න කියලා.






"කුකීඊඊඊඊඊඊඊඊඊඊ...  ඉක්මනට එන්නකෝ..."

ජන්කුක් පරක්කු වෙනකොට ජිමින් මහ හයියෙන් කෑ ගැහුවා.


"එනවා එනවා..!!"

තමන් විනාඩියක් හරි පරක්කු උනොත් ජිමින්ගෙන් කනක් ඇහිලා ඉන්න බැරි වෙනවා කියලා දැනගෙන හිටපු ජන්කුක් බොන්න ගත්ත වතුර එක උගුරු දෙකට බීලා තව වෝටර් ග්ලාස් එකක් පුරවාගෙන ඉක්මනට එලියට දුවගෙන ආවා.



"ජැකට් එක ගලවන්නකො ජිමින්. මම හීටස් ඔන් කලා. අනික මේ වතුර බීලා ඉන්න මුලින්ම"

ජන්කුක් රඟහලෙ පැත්තකින් තියලා තියන විශාල ක්‍රිස්මස් ට්‍රී එක බලන ගමන් විවර කරලා තියන දොර තද කරලා වහලා ජිමින් ලගට ආවා.





"අපි ඩෙකරේට් කරනවා නේද කුකී..!! ඉක්මනට කරමුකෝ"

ජැකට් එක ගලවලා පැත්තකට විසික් කරපු ජිමින් උඩ පැන පැන කියනකොට ජන්කුක් ඩෙකරේෂන් පැක් කැඩුවා.




"යස් ලව් , අපි ඩෙකරේට් කරමු"

ජන්කුක් යන්තම් හිනා වෙන ගමන් ඔවුන් ගෙනාව නත්තල් සීයාගෙ තොප්පියක් ජිමින්ගෙ ඔලුවට දානකොට ජිමින් නත්තල් සීයාගෙ සුදු පාට රැවුල ජන්කුක් ට දාලා හිනා උනා.



𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now