32 කොටස

327 107 47
                                    

වසර තිහකට පමණ පෙර

පොලිස් ජීප් රථ වල තද බදෙන් පිරුණු ලන්ඩන් නුවර ඇන්ඩීනො නතර උන නිවස පිටත රැස් වෙලා හිටියේ විශාල ජනකායක්. කැනඩාවේ සිදු උන නිශ්චිත හේතුවක් වටහා ගත නොහැකි මිනී මැරුම් වගේම එංගලන්තයේ සිදු උන අපරාධ ත්‍රිත්වය , අවසන් වශයෙන් ඇන්ඩීනෝ සමග විවාහ ගිවිස ගත් තරුණිය වූ සූ ගේ මරණය සමග ඔහුගෙ සමිපතම මිත්‍රයින් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල ඔස්සෙ ඇන්ඩීනෝගේ නිවස පරීක්ෂා කිරීමෙන් හමු වූ සූ පෙරදී කියූ 'තරුණියන්ගේ ජීවිත එකතු කල පොත' හමුවීමත් සමග ඔහුව වරෙන්තු රහිතව පොලිසිය අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා.

මුව අත් දෙකෙන්ව වහ ගත්ත ලිලී මාංචු දාලා ඇදගෙන යන ඇන්ඩීනෝ දිහා බලාගෙන ඉන්නකොට ලිලී ගේ දෑස් වලින් කඳුලු කැට ඔහේ ගලාගෙන ගියා. අවුරුදු ගානක තමන්ගෙ මිත්‍රයා මෙහෙම ලෝකයම හොයන මිනීමරුවෙක් වෙය් කියලා ලිලී හිනෙකින්වත් හිතන්න නැතුව ඇති





"රූපට් , යූ බිච්ස් සන්. මම තමුන් ගැන බලාගන්නම්!!"

අත් දෙක මාංචු වලට හිර උන ඇන්ඩීනෝ ලිලී ලග හිටගෙන ඉන්න රූපට්ව දැකලා රූපට්ට කෑ ගහනකොට කිසිවක් නොකිව්ව රූපට් ඇන්ඩීනෝ දිහා බලාගෙන හිටියා



"ෆක් යූ බිච්. උඹලා දෙන්නට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ"

ලිලී දිහා බලපු ඇන්ඩිනෝ කෑ ගහද්දී කිසිවක් නොකිව්ව ලිලී ඇන්ඩීනෝ දිහා බලාගෙන හිටියා. ඇන්ඩීනෝ කියන්නේ ඩේවිඩ් තමන්ව පුංචි දරුවෙක් එක්ක අත ඇරලා දාලා ගියාට පස්සෙ තමන්ව බලාගත්ත , පුංචි චිමීට අංකල් ඇන්ඩීනෝගේ ආදරය ඕනෙවටත් වඩා දුන්න කෙනෙක්. ලිලී හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නැහැ ඇන්ඩීනෝ මේ වගේ අපරාධයක් කරයි කියලා.








____

"ෆක්"

එලීනා ගෙ කතාව අහගෙන හිටපු ජන්කුක් ගේ කටින් නොදැනීම ශාපයක් පිට උනා. ජිමින් දිහා බලපු ජන්කුක් දැක්කෙ ඇස් ලොකු කරගෙන එලීනා දිහා කන්න වගේ බලාගෙන ඉන්න ජිමින්.  ජිමින් ඉන්නේ බය වෙලා කියලා තේරුම් ගත්ත ජන්කුක් ජිමින්ගේ සීතල වෙව්ලන අත හිමීට අත ගෑවා.



𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now