09 කොටස

459 151 60
                                    

"ඕකේ. අදට ප්‍රැක්ටිස් ඉවරයි. හෙට උදේ 6.00 ට මෙතනට ඇවිත් තියන්න. මතක තියා ගන්න විනාඩියක් වත් පරක්කු වෙන්න බෑ"

පැය ගානක පුහුණු වීම් වලින් අනතුරුව ජන්කුක් හැමදාම කියන වාක්‍ය කියනකොට ඔහුට ආචාර සහය ශිල්පීන් විසිර යනකොට කිසිවක් නොකිව්ව ජන්කුක් ඉදිරියට ඇවිදගෙන ගියා.

"ජිමින් යමු"

ඇවිදගෙන වෙනතකට යන ජන්කුක් දිහා බලපු හොසොක් ජිමින්ගෙ අතින් අදින ගමන් කියනකොට ජිමින් ඔහු දෙස බලලා හිනා උනා.

"නෝ හ්‍යුන්. මට ජන්කුක් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ"

ජිමින් කියනකොට හොසොක්ගෙ මූණෙ පිරිලා තියන හිනාව අලුත් වෙනකොට ඔහු ජිමින් දිහා බලලා ඇහැක් ගැහුවා.

"මොනවද ජන්කුක් එක්ක කතා කරන්නෙ ආ..?"

"ඊයෙ උන දේ ගැන හියුන්"

ජිමින් හොසොක්ට වැඩි දුර විස්තර නොකර කියනකොට හොසොක් යටි තොල හපාගෙන ජිමින් දිහා බලලා හිනා උනාම ජිමින් තරහෙන් හොසොක්ට රැවුවෙ ලැජ්ජාවෙන්.

"ඔහ්. ප්‍රයිවට් කන්වසේෂන් එකක්. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා"

හොසොක් හිනා වෙන ගමන් මුමුණනකොට ජිමින් ආවෙමත් ඔහුට රැවුවම ඔහු එතැනින් ඇවිදගෙන ගියේ ජිමින් ජන්කුක් එක්ක එකට ඉන්නවා මවාගෙන තමන් එක්කම හිනා වෙන ගමන්

"නපුරු ඇස් මට බනීද? නැත්තං ඊයෙ වගේ හොඳින් ඉදීද? ඕනෙ එකක්" තමන්ටම මුමුණා ගත්ත ජිමින් ලොකු හුස්මක් අරගෙන හිත සැහැල්ලු කර ගන්න උත්සාහ කලා.

"ජන්කුක්.. වේට්. ඔයා හොඳින් නේද?"

ජන්කුක් ගෙ පස්සෙන් දුවගෙන ගියපු ජිමින් ඔහු නැවතිලා ජිමින් දිහා බලනකොට මිමිණුවා.

"ඔව්. මම හොඳින් . ඇයි මොකද?"

ජිමින් දිහා රවලා බලපු ජන්කුක් මුමුණනකොට ජිමින් ඔහුගෙ දෙතොල් නොපිට පෙරලා ගත්තා.

"හහ්. ඊයේ මාව බදාගෙන අඩලා දැන් මට රවනවා. හහ්. නපුරු කම බේරෙනවා. නපුරු ඇස්!!"

තමන්ටම මුමුණා ගත්ත ජිමින් සුසුමක් හෙලලා ජන්කුක් දිහා බලලා හිනා උනා.


𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now