14 කොටස

455 141 92
                                    

ජිමින්ගෙ මව අහිමි වෙලා පස් දිනක් ගත වී තිබුනත් ජන්කුක් තවමත් රඟහලෙ වැඩ ආරම්භ නොකලෙ ජිමින්ට පියවී තත්වයට පත් වන්නේ සතියක කාලයක් ලබා දීලා. එදින ජන්කුක් සමග පිටතට ගිය ජිමින් දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව යලි රඟහල වෙත විත් හිමෙන් පිරුණු රඟහලෙ විශාල උයන දිහා බලාගෙන හිටියා. සීතලක් දැනුනත් කකුල් දෙක පපුවට තදින් ගුලි කරගෙන බිම වාඩි වෙලා බලාගෙන හිටපු ජිමින් ගෙ දෑස් නොදැනීම කඳුලු බිඳු වලින් තෙත් වෙලා ගියා.


"හරි... අපිට ඕනෙ එයාට නහයක් විතරයි"

"මොකද කියන්නෙ චිමී.. අපි කෝටු වලින් නහයක් තියමුද? කැරට් වලින් නහයක් තියමුද? නැත්තං චිමී වගෙ චූටි හිම බෝලයක් හදමුද?"

තනිකරම හිමෙන් වැසී ගිය උද්‍යානය දිහා බලාගෙන හිටපු ජිමින්ට තමන්ගෙ මව සමග පුංචි කාලෙ හිම මිනිසුන් හදපු හැටි මැවි මැවී පේන්න ගත්තා.

අද නිකැලැල් තනි සුදු වට ඉහිරිණු හිම තට්ටුව වෙනස් වෙලා මීට අවුරුදු දහයකට පමණ පෙර පුංචි ජිමින් සහ ඔහුගෙ මව හිම මිනිසුන් හදමින් විනෝද වන අයුරු මායාවක් මෙන් ඔහු ඉදිරියේ දිස් වෙනකොට නොදැනීම ගලපු කඳුලු ඔහුගෙ කම්මුල් තෙත් කලෙ ඔහුගෙ හා ඔහුගේ මවගෙ හිනා හඩ ඔහුගෙ කන්දෙක ඇතුළෙ දෝංකාර දෙනකොට..






"මොකද අඬන්නෙ.."

රලු කටහඩක් තමන්ගෙ පසුපසින් ඇහෙනකොට එක් වරම ගැස්සි ගියපු ජිමින් ඒ දෙස හිස හරවලා බැලුවා.

"ම්... මොකුත් නෑ.. අයිම් ඕකෙ ජන්කුක්"

තමන් දිහා කප්ස් දෙකක් අතෙ තියාගෙන හිටගෙන බලාගෙන හිටපු ජන්කුක් දිහා බලලා හිනා උන ජිමින් මුමුණන කොට ජන්කුක් හිස සැලුවා.

"හ්ම්.. මේක ගන්නවා"

එක කප් එකක් තමන් දිහාවට දිගු කරන ගමන් ජන්කුක් මුමුණනකොට කිසිවක් නොකී ජිමින් කප් එක අතට අරගත්ත ඔහුට දැනෙන ඔහුගෙ සීතල අත් පුරා පැතිර යන උණුහුමක්.



"මොනවද මේ.."

"ඇයි ඇස් පේන්නෙ නැද්ද"

ජිමින් දිහා බලාගෙන තරහෙන් මුමුණපු ජන්කුක් ජිමින් ජන්කුක් ට රවන ගමන් ජිමින් අසලින් වාඩි උනාම ජිමින් පුලුවන් තරම් ජන්කුක් ගෙන් එහාට ගියා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now