10 කොටස

443 145 29
                                    

"ජන්කුක් අයිම් සෝ සොරි"

"Listen to me jungkook. අයිම් සොරි. මට සමාවෙන්න. මම හිතුවේ නෑ ජන්කුක් ට එච්චර දුක හිතෙයි කියලා"

"ගෝඩ්... අනේ ජන්කුක් ප්ලීස්. ප්ලීස් මම කියන දේ අහන්නකෝ"

"ජන්කුක්"

"ජන්කුක් ප්ලීස්."

"ජන්කුක්"

"මිස්ටර් ජියොන්!!"

ජිමින් පසුදා පුරාවටම අමනාපයෙන් ජිමින්ගේ ඇස් මග අරින ඒ 'නපුරු ඇස්' මොහොතක් හෝ තමන් දෙස බලලා රවනු ඇතැයි බලාපොරොත්තු ඇතිව ඔහු දෙස බලා සිටියත් දවස පුරා , මුලු පුහුණුවීම් කාලය පුරාවටම ජන්කුක් ජිමින් දෙස ඇස් කොනකින්වත් නොබලන්න ප්‍රවේශම් උනා!

පුහුණුවීම් අවසානයේ ඔවුන්ට නිවෙස් බලා යාමට ජන්කුක් අවසර දුන් මොහොතේ පටන් විසිරුන බඩු බාහිරාදිය අස් පස් කරන ජන්කුක් පසුපස යන ගමන් ජිමින් සමාව ඉල්ලා හිටියා.


"ජිමින් දැන් එන්න. අපි යමු නේද?"

ජිමින්ව නොසලකා ඉදිරියට ඇවිදගෙන ගොස් තිර රෙදි එක්ක පරණ තරහක් පිට කරන්න වගේ වේගයෙන් වසා දමන ජන්කුක් දිහා බලාපොරොත්තු කඩ වූ ඉරියව්වෙන් බලාගෙන ඉන්න ජිමින්ගේ අත අල්ලා ගත්ත හොසොක් කතා කළේ ඔහු ජිමින් හා තවත් කිහිප දෙනෙක් නැවති සිටි නවාතැන වෙත යන්න.





"හියුන් යන්න. මම ජන්කුක් ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ"

බිම බලාගෙන මුමුණපු ජිමින් හොසොක් දිහා බලලා මද සිනහවක් පෑවා.


"හරි ජිමින් කතා කරලා පරිස්සමට එන්නකො. අපි යන්නම්"

ජිමින් එක්ක වාද කරලා තේරුමක් නෑ කියලා තේරුම් ගත්ත හොසොක් ජිමින්ගෙ පිටට තට්ටු කරලා එතැනින් ඇවිදගෙන යනකොට ජිමින් හොසොක් යන දිහා බලාගෙන හිටියේ වේගයෙන් හුස්ම ගනිමින්.


"ෆයිටින්!!"

ආපසු ජිමින් සිටි පැත්තට හැරුණු හොසොක් ජිමින්ව දිරි ගන්වන ස්වරයෙන් තොල් මතුරලා එතැනින් පිටතට ඇවිදගෙන ගියේ ජන්කුක් ව හා ජිමින්ව විශාල ශාලාව තුල තනි කරලා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now