21 කොටස

385 131 59
                                    

"ඔහ්. කුකී..!! ඔයා බෑඩ්. හරිම බෑඩ්. මට ඔයා එනකම් ඉන්න කියලා කියලා ඔයා මෙතන ටේහ්‍යුන් එක්ක තනියම හොට් ලෙමන් බොනවා."

හවස හතරට පාර ගාවට එන්න කියලා ගියපු ජන්කුක් හතර හමාර වෙනකනුත් නාව නිසා නිකමට ටේහ්‍යුන්ගෙ ෂොප් එකට ඔලුව දාලා බලපු ජිමින් , ජන්කුක් ටේහ්‍යුන් එක්ක වාඩි වෙලා හොට් ලෙමන් බොනව දැකලා පුපුරන්න ගත්තා.

"ඔහ් ජිමින්. අයිම් රියලි සොරි. මට අමතක උනානෙ"

තමන් ඉස්සරහ ඉනට අත් දෙක තියාගෙන ඉන්න ජිමින් දිහා බලපු ජන්කුක් ආයාසයෙන් හිනාවක් නගාගෙන මුමුණන කොට ජිමින් දෙතොල් නොපිට පෙරලගෙන ජන්කුක් ලගට ගිහින් ජන්කුක් ව කෙනිත්තුවා.

"හහ්... මම තරහයි ජන්කුක්.  මාව පාරෙ රස්තියාදු කලා!!"

ජිමින් තරහෙන් ජන්කුක්ට මුමුණන ගමන් ජන්කුක් ගෙ අත් අතර හිර වෙලා තිබුණු හොට් ලෙමන් එක ඇදලා අරගෙන ස්ට්‍රෝ එක කටේ ගහගෙන උරවන්න ගත්තම ජන්කුක් හිනා වෙලා ජිමින් දිහා බලාගෙන හිටියා.

"මයි බෑඩ්. අයිම් සෝ සොරි ජිමින්. ගිව් මී එ සෙකන්ඩ්. ටේටේ මම යනවා එහෙනම්. බායි. සී යූ"

ඉදගෙන කිසිවක් තේරුම් ගන්න බැරුව ලෙමන් එක උරවන තරහෙන් පුපුරන ජිමිනුයි අසරණ විදියට බෙල්ල කහන ජන්කුක් යි දිහා කට ඇරගෙන බලාගෙන හිටපු ටේහ්‍යුන් ආයාසයෙන් නගා ගත්ත සිනහවක් එක්ක හිස සැලුවා.

"ඔහ්... ඕකෙ ජන්කුකී.. සීයූ."

හිනා වෙලා මුමුණපු ටේහ්‍යුන් ජන්කුක් ට අත වනද්දී ජන්කුක් ජිමින්ට තමන් ඉක්මනින් පැමිණ බවට සංඥා කරලා එතනින් ඉවතට දුවගෙන ගියාම කිසිවක් නොකි ජිමින් පුටුවක් ඇදලා ටේහ්‍යුන් ගාවින් වාඩි උනා.

"කිව්වෙ කොහොමද!! මම හතරටම එනවා. ජිමිනුත් එන්න. විනාඩියක් හරි පරක්කු උනොත් මම දාලා යනවා.  හහ්. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. නපුරු ඇස්. මම පාරෙ ගල් ගැහෙන සීතලෙ හිටන් ඉන්නකොට මේ මනුස්සයා මෙතන හොට් ලෙමන් බොනවා. අල්ලා ගන්නම් කො මම නපුරු ඇස්!!"

ජිමින් තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ට කියනවාටත් වඩා තමන්ටම, ජන්කුක් ට ඇද කරන ගමන් කියනකොට ටේහ්‍යුන් ජිමින් මේ තරම් තරහ ගන්නෙ මොකද කියල තේරුමක් නැතුව බලාගෙන හිටියා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now