36 කොටස

368 105 69
                                    

ජිමින් හිටියෙ පුටුවක් උඩ ගුලි වෙලා. ටේහ්‍යුන් ගෙ ෂොප් එකට වෙලා ජන්කුක් සහ හොසොක් එක්ක පැය කීයක් ඉඳගෙන හිටියාද කියලා ජිමින් කොහෙත්ම දැනගෙන හිටියෙ නැහැ. තප්පර කට්ට වැටෙන සද්දෙ විතරක් ඇහෙන නිහඬියාව මැද ජන්කුක් දිහා ජිමින් හිමීට බැලුවා.

කලින් දවසෙ රාත්‍රියෙම ජන්කුක් ටේහ්‍යුන් ගෙ බොඩි එක අවසන් කටයුතු ඉවර කරපු ගමන්ම ජිමින්ව හොසොක් එක්ක තනි කරලා දාලා රෑම පිටව ගියපු අයුරුත් , ආයෙත් ඔහු ආවේ දවල් වෙලා බව සිහි කරපු ජිමින්ට දැණුනෙ බයක්.

කදුලු පිරුණු ඇස් වලින් ජන්කුක් ඉස්සරහ බලාගෙන හිටියා. කදුලු කම්මුල් දිගෙ බේරෙනකොට විටින් විටේ උමතුවෙන් වගේ හිනා වෙන ජන්කුක් දිහා බලාගෙන හිටපු ජිමින් හොසොක් දිහා බයෙන් වගේ බැලුවත් හොසොක් හිටියෙත් ජන්කුක් ගෙ හෝ ජිමින් ගෙ මානසික මට්ටම තේරුම් ගන්න පුලුවන් තත්වයක නම් නෙවෙයි. හොසොක් කලෙත් කදුලු පුරවාගෙන බිම බලාගෙන ඉන්න එක විතරයි.




"එක පාරක් වත් මට ටේට සොරි කියන්න බැරි උනා."

"ගෝඩ්. ඇයි මෙච්චර නපුරු උනේ...."

" මම එයත් එක්ක බ්‍රේක් අප් උන දවසෙ ටේ කොච්චර ඇඩුවද?"

"අයි නෝ මම මම් යි ටේයි අතරින් මගෙ මම් ව තෝරා ගත්තා. මට සතුටුයි එයා ගොඩක් ආදරය කරන කෙනෙක් එයාට ලැබුනු එකට. බට් මට එක පාරක් එයාට සොරි කියන්න ඕනෙ....."

"මයි ලිට්ල් ඒන්ජල්.... හියුන්ට සමාවෙන්න...."

හොසොක් අසිහියෙන් වගේ මුමුණනකොට ජන්කුක් කිසිවක් කියන්න ගියේ නැහැ.



"මම දන්නවා එයා මට තව දුරටත් ආදරේ කලෙ නෑ කියලා. ඒත් මට ඕනෙ උනෙ එයාට සොරි කියන්න විතරයි"

හොසොක් ආයෙත් ආයෙත් ඔහේ මිමිණුවා. හොසොක් සුසුම් එක්ක මුමුණ වචන වල තේරුමක් ජිමින් දැනගෙන හිටියෙ නැහැ. ජිමින් දැනගෙන හිටපු එකම දේ ජිමින්ගෙ හදවත අසාමාන්‍ය විදියට බර වෙලා වගේම ජිමින් ගොඩක් ආදරය කරපු ජිමින්ගෙ යාලුවා එයාගෙ මාමා වගේම නොයෙන්ම ජිමින්ව දාලා ගිහින් කියන කාරණේ විතරයි.....








𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now