17 කොටස

475 131 138
                                    

"මගෙ චූටි කකුල.... අනේ මගෙ චූටි නහය... රිදෙනවාආආආආආආආආ!!!"

ජිමින් බුම්මගෙන පියානෝ එක ළග තිබුණු ලොකු මේසෙ උඩ වාඩි වෙලා පපුව උඩ අත් දෙක බැඳගෙන කෙඳිරි ගාන්න ගත්තා.

"හහ්. නපුරු ඇස්. නපුරා.. මාව දශමයක් , නෑ දශම භාගයක්, ඒ ඕනෙත් නෑ දශම හතරෙන් එකක් ගනන් ගන්න තිබ්බනෙ!! ගෝඩ් එච්චර නපුරු වෙන්නෙ කොහොමද මම වගේ හුරතල් බෝයි කෙනෙක්ට"

ජිමින් බුම්මගෙන කකුලක් උඩට උස්සගෙන කකුලෙ ඇගිලි හිමීට පිරිමදින ගමන් කෑ ගැහුවේ යන්තම් ඉකි වැටෙනකොට.

"ඒයි...?"

පිටිපස්සෙන් සද්දයක් ඇහුනම එක පාරට ම උඩ ගිය ජිමින් ඒ සද්දෙ ඇහුන පැත්තට බෙල්ල දිග් කරලා එබුනාම ජිමින් දැක්කෙ ඔහු දිහා පපුවට අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්න ජන්කුක්.

"හහ්. මේ ඉන්නෙ නපුරා.."

ජිමින් නහය උඩට ඇද්දා.

"ජන්කුක්..!!! මොන හයියක් අරගෙනද මගෙ අහිංසක ස්නෝ බෝල්ව මරලා දැම්මෙ..? මිනීමරුවා ජියොන්. ඉඩියට්! යූ ඉඩියට්"

තරහෙන් කෑ ගහගෙන ජන්කුක් ව දැක්ක ගමන් ජිමින් මේසෙන් බිමට පැන්නත් උලුක්කු උන් කකුල බිම වැදුනම ජිමින් ගෙ මූණ බෙරි උනේ ඇස් වල පිරිලා තිබුන කඳුලු කැට අලුත් වෙනකොට.

"අ..හ්"

යන්තම් වේදනාවත්ම කෙඳිරියක් පිට කරපු ජිමින් බැලන්ස් නැතුව ඉස්සරහට ඇදගෙන වැටෙන්න යනකොට ඔහු දෙස පුදුමෙන් බලාගෙන හිටපු ජන්කුක් ඉක්මනට ඉදිරියට පැනලා වැටෙන්න ගියපු ජිමින්ව ඔහුගෙ පපුවෙන් අත දාලා අල්ලා ගත්තා.

"මොකද උනේ..?"

තරහෙන් කොඳුරන ජිමින්ව ජන්කුක් පපුවට තද කර ගෙන වාරු කර ගත්තම ජිමින් ජන්කුක්ගෙ පපුවට අත මිටවලා පාරක් ගැහුවා.

"ඔයා මර්ඩර් කෙනෙක් ජියොන්. මම යනවා පොලිසියට!!"

තරහෙන් කෑ ගහපු ජිමින් ආයෙම වතාවක් ජන්කුක් ට පහර දෙන්න යනකොට ජන්කුක් ඔහුගෙ නිදහස් අතින් ජිමින්ගෙ අත තදින් අල්ලා ගත්තා.

"මට ගහන එක නතර කර ගන්නවා.."

ජන්කුක් ජිමින්ගෙ අත බලෙන්ම පහලට කරන ගමන් ජිමින්ගෙ බෙරි උන මූණ දිහා බලාගෙන කෑ ගැහුවා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now