04 කොටස

534 159 52
                                    

පසුදා විවාධාකාරයේ මිනිසුන්ගෙන් පිරෙන රඟහල දෙස වේදාකාවේ වැසුනු තිරය පසුපස හිඳගෙන ජිමින් බලාගෙන හිටියෙ ගැහෙන හදවතින්.

"ජන්කුක්.. වත් ලග හිටියා නම්.."

තමන්ට බයක් දැනෙනකොට තමන්ටම මුමුණා ගත්ත ජිමින් ගැඹුරු සුසුමක් පහලට හෙලලා තමන්ගෙ නර්ථන සහයකයන් දිහා බැලුවේ ඔවුන් ඔවුනොවුන්ගෙ ස්ථාන වල නිවැරදි ව ස්ථාන ගත වෙලාදැයි සැක හැර ගන්න.

"ජන්කුක් කොහෙද ඔයා...?"

"ඒයි.. තමුන්ට පිස්සුද.. ඒ යකා වගෙ කොයි වෙලෙත් තරහා අරගෙන ඉන්න මනුස්සයා හිටියා නම් කියලා හිතන්නෙ ජිමින්.. මොලෙ ගල් වෙලාද සීතලට.."

තමන්ටම මුමුණා ගත්ත ඔහු වේගවත් සුසුමක් පහතට හෙලුව රහසෙ තිරය අතරින් පිටත බලාගෙන.

"ජිමින්.. ජිමින් හොඳින් නේද?"

එතැනට ඇවිදගෙන ආව ජිමින්ගෙ සහය නර්ථන ශිල්පියෙක් අහනකොට ජිමින් අපහසුවෙන් හිනෑ උනා.

"මම ටිකක් බය වෙලා හොසොක් හියුන්. ඒ ඇරෙන්න මම හොඳින්. මගෙ පලවෙනි වතාව මේක... මොනවාම හරි වරද්දා ගත්තොත් ජන්කුක් මගෙ ඔලුව කයි"

ජිමින් සියල්ලටම වඩා මෙම ස්ථානයෙ කෙටි කාලයක් තුල තමාට සමීප උන මිතුරා උන හොසොක් දිහා බලාගෙන මුමුණන කොට ඔහුට සිනහවක් පෑව හොසොක් හුස්මක් ගත්තා.

"ජන්කුක් සර් ජිමින් කියන තරම් නරක කෙනෙක් නෙවෙයි.."

"නරක කෙනෙක් නෙවෙයි? හොසොක් දන්නවාද ජන්කුක් මට කීපාරක් push up කරන්න දුන්නා ද පනිෂ්මන්ට් විදියට. මේ බලන්න. මම ආවට වඩා ගොඩක් කෙට්ටු වෙලා දැන්..."

ජිමින් තොල් දෙක නොපිට පෙරලන ගමන් පොලොවෙ අඩි හප්පගෙන කෑ ගහනකොට හිනා වෙන ගමන් තමන්ගෙ දෙතොල් මත දබර ඇගිල්ල තියලා ජිමින්ට නිෂ්ෂබ්ද වෙන්න සංඥා කරපු හොසොක් ජිමින්ගෙ අතින් ඇදගෙන ඔහුට නියමිත ස්ථානයට යනකොට ජිමින් ඔහුගෙ පසු පසින් ඇදිලා ආවා.

"තව ටිකකින් තිරය ඇරෙයි ජිමින්.. ලෑස්ති පිට ඉන්න"

හොසොක් කියනකොට ගැඹුරු සුසුමක් ගත්ත ජිමින් තමන්ට අදාල ස්ථානයෙ හිටගෙන විනාඩි පහක් යන්නට මත්තෙන් තිරය විවෘත උනේ මුලු රඟ හලම අඳුරෙ ගිලෙනකොට. ඔවුන් හිටපු ස්ථානයට වැටුනු එලියත් සමග නැගෙන සියුම් පියානෝ වාදනයේ දුක් මුසු තනුවට ජිමින් සහ නර්ථන කණ්ඩායම තමන්ගෙ චලනයන් ආරම්භ කරනකොට ජිමින්ගෙ දෑස් රඟ හල පුරා දිව ගියා. ජන්කුක් තව මොහොතකින් මෙතැනට ප්‍රේකෂකයින් පුදුමයට පත් කරමින් එන වග දැන සිටි ජිමින් ඔහු පැමිණෙන තෙක් තමන්ගෙ නර්ථන කණ්ඩායමට නායකත්වය සපයමින් තමන්ට පුලුවන් උපරිමයෙන් නර්ථනයෙ යෙදෙන්න උත්සාහ කලා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now