05 කොටස

473 148 28
                                    

"අපේ... යාළුකම වෙනුවෙන්..... ජය වේවා....!!!"

"ජිමිනා... තව උගුරක් ගන්න... වන් මෝ ග්ලාස්"

හොසොක් නවවන දහ වන වයින් වීදුරු උගුරෙන් පහලට යවන ගමන් කෑ මොර දෙනකොට ජිමින් හොසොක්ගෙ විනෝදශීලි හැසිරීම දිහා බලාගෙන හිටියෙ සිනහ මුසු මුහුණින් බලාගෙන හිටපු ජිමින් ඔහුගෙ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්න හිස දෙපසට සැලුවෙ හිනා වෙන ගමන්.



"අනේ බෑ හියුන්.. ගොඩක් බොන්න බෑ. දැනටමත් මම මත් වෙලා වගේ"

ජිමින් හිනා වෙන ගමන් පුටු ඇන්දට බර වෙලා ඇස් දෙක වහ ගන්නකොට කිසිවක් නොකිව්ව හොසොක් වයින් බෝතලය අත් දෙකටම අරගෙන බෝතලය කටට ගහ ගත්තා.


"සුමිහිරි පානේ..... පදමට ගහලා
හෙට මැරුනත් හිතට සැපයි - අද ජොලි කරලා...."

"රෝමියෝ... සේව් මී... *හික්* සේව් මී මයි රෝමියෝ... *හික්* රෝමියො ගොඩක් ලස්සනයි කොෆී බොනකොට *හික්* රෝමියෝගෙ කොෆී හරිම රසයි. *හික්* මගේ රෝමියෝ....."

හොසොක් මේසෙ බදාගෙන කෑ ගහනකොට ජිමින් වේගයෙන් ඇසිපිය හෙලන ගමන් ඔහු දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන්.


"රෝමියො එයාට ආදරෙයි කිව්වෙ ඇයි.. *හික්* දුකයි රෝමියෝ... රෝමියෝ මගෙ රෝමියෝ.."

කෑ ගහන ගමන් ජිමින්ව බදාගෙන හොසොක් ඔහුගෙ උරහිසට ඔලුව තියාගෙන අඩන්න ගත්ත නිසා පුදුමෙන් දෑස් විසල් කර ගත්ත ජිමින් හොසොක්ගෙ පිටට තට්ටු කරන්න ගත්තෙ නැගෙන්න එන සිනාව යටපත් කර ගන්න ගමන්.


"ජිමිනා... මගේ රෝමියෝ..."

ජිමින්ගෙ දෑස් දිහා කඳුලු පුරෝගෙන බලාගෙන හොසොක් මුමුණනකොට වෙන කරකියා ගන්න දෙයක් නැති තැන ජිමින් හොසොක්ගෙ පිටට තට්ටු කරන්න ගත්තා.




"ජිමිනා... මගෙ රෝමියෝ මට කොස්සෙන් ගහලා පැන්නුවා *හික්* "

"ඕවා ඔහොම තමයි හියුන්.. වැඩියෙ හිතන්න එපා හරිද?"

ජිමින් නැගෙන්න එන හිනාව බොහොම අමාරුවෙන් යටපත් කරගෙන මුමුණන කොට ජිමින්ව පසෙකට තල්ලු කරපු හොසොක් මේසය තදින් සිප ගන්න ගමන් මේසය උඩ ඔලුව තියා ගත්තා.



𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now