12 කොටස

441 142 56
                                    

"අ.. අයි සී යූ එක කොහෙද?"

සෙන්ට් තෝමස් හොස්පිටල් එකට හැකි ඉක්මනින් පදවපු ජන්කුක් හා ජිමින් එහි පිවිසි වහාම රෝහල ඇතුලට පිස්සුවෙන් වගේ දුවගෙන ගියපු ජිමින් ලොබි එකෙ ඉඳගෙන කෑ ගහනකොට පිටුපසින් ආව ජන්කුක් ජිමින්ව තද කරලා අල්ලා ගත්තා.

"කලබල වෙන්න එපා ජිමින්. ප්ලීස් රිලැක්ස් වෙන්න. ජිමින්ගෙ මමාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. ප්‍රොමිස්. කෝ දැන් එන්න"

මුමුණපු ජන්කුක් ඔවුන් අසලම තිබුණු හොස්පිටල් එකෙ මැප් එකකට දෑස් යවලා ජිමින්ගෙ අත තදින් අල්ලා ගත්තා.

"ජන්කුක් මාව මගෙ මමා ගාවට ගෙනියන්නකො ජන්කුක්.. ප්ලීස් ප්ලීස් ජන්කුක්. මාව මමා ගාවට ගෙනියන්න"

මැප් එකකින් ICU එක හොයා ගන්න තරම් වත් සිහියෙන් නොසිටි ජිමින් පිස්සුවෙන් වගේ කෑ මොර දෙනකොට ජන්කුක් ඉක්මනින් ජිමින්ව ඇදගෙන ලිෆ්ට් එකකට නැග්ගෙ ඔහුට සංසුන් වෙන්න කියලා මුමුණන ගමන්

_____

"මමා....."

"ජිමින් කලබල වෙන්න එපා. මට විශ්වාසයි මමා හොඳින් ඇති"

ලිෆ්ට් එකෙන් බැස්ස ගමන් කොරිඩෝව දිගෙ දුවගෙන යන්න උත්සාහ කරපු ජිමින්ව තදින් අල්ලා ගන්න ගමන් ජන්කුක් කොඳිරනකොට ජිමින් ජන්කුක් දිහා බැලුවා.

"ජ... ජන්කුක් ට වි... විශ්වාසයිද?"

"ඔව් ජිමින්. ශක්තිමත් වෙන්න" ජන්කුක් මුමුණනකොට ජිමින් ජන්කුක්ගෙ ශර්ට් එක ඇගිලි අතරට ගුලි කරගෙන අසරණ විදියට ඔහු දිහා බැලුවා.

"ප්‍රොමිස්? ප්‍රොමිස් වෙනවාද? මගෙ මමාට මොකුත් වෙන්නෙ නෑ කියලා.."

ජිමින් ඔහුගෙ වෙව්ලන දෙතොල් අතරින් වචන ගලපනකොට වේගයෙන් හිස සලපු ජන්කුක් ජිමින්ගෙ අතින් මෘදුව අල්ලගෙන ඔහු මැප් එකෙ දැක්ක ICU එක තිබ්බ දිශාව ට ඇවිදගෙන ගියේ ජිමින් අඬන ගමන් ජන්කුක් ගෙ පස්සෙන් වැටෙනකොට.











"මමා...!!"

වැහුණු ICU එක දැක්ක ගමන් පිස්සුවෙන් වගේ කෑ ගහගෙන ඒ වෙත දුවගෙන ගියපු ජිමින් ICU එකෙ වීදුරු ජනේලයෙන් ඇතුලට එබිලා බැලුවා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now