23 කොටස

401 127 101
                                    

"ජිමින්.."

"ඒයි.."

"ජිමින් ආ යූ ඕකේ ලව්?"

නත්තලට පෙර දින නත්තල සඳහා පැවැත්තුව විශේෂිත ඉදිරිපත් කිරීමේ රඟ දක්වා අවසන් කරපු ජිමින් , රඟහල ට ආව මිනිස්සුන් පිටව ගියාට පස්සෙ තනියම වේගයෙන් ගොඩ ගැහෙන හිම දිහා බලාගෙන කල්පනාවට වැටුනෙ ගතට වගේම හිතටත් මහන්සියක් දැනෙනකොට. වේගයෙන් වැටෙන හිම පැත්තට ගහන හුළගට ජිමින්ගෙ මූණට වැදුනෙ පුංචි ඉඳිකටු තුඩවල් වගෙ.



"ජිමින් මම කතා කරනවා ඇහෙන්නෙ නැද්ද?"

කතා කරලා කතා කරලා බැරිම තැන ජන්කුක් තදින් කියනකොට එක් වරම ගැස්සුන ජිමින් ජන්කුක් දිහා බැලුවා.




"ඔහ්.. අයිම් සොරි කුකී. මම සිහියෙන් නෙවෙයි හිටියෙ"

සුසුමක් හෙලන ගමන් මුමුණපු ජිමින් ජන්කුක් එක්ක හිනා උනා.



"මෙතනට එන්න. සීතල නැද්ද?"

ජිමින් යන්තම් වෙව්ලනවා දැක්ක ජන්කුක් ඇතුළෙ ඉඳන් කතා කලත් ජිමින් සයිඩ් ඩෝ එක ලග ඉඳගෙන ආයෙත් හැරිලා පිටත බලාගෙන හිටපු නිසා මොහොතක් කල්පනා කල ජන්කුක් ජිමින් අසලට ඇවිදගෙන ගියා.





"මොනවද ඔච්චර කල්පනා කරන්න තියෙන්නෙ marigold flower?"

ජන්කුක් ජිමින්ගෙ මූණට වැටුනු හිස කෙස් එහාට කරලා ජිමින්ගෙ මූණට එබෙනකොට ජිමින් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා.











"මගෙ මමා , ඔයාගෙ ඩැඩාගෙ හොඳම යාලුවා වෙලා ඉඳලා. ඒ දෙන්නගෙ හොඳම යාලුවා ඔයාගෙ ඩැඩාව මරලා දාලා. ඔයාගෙ මගෙ පේරන්ස්ට්ලා අපි ගාව නැති උනත් මර්ඩර් අපි අතරම ඇති. දෛවය හරිම ආත්මාර්ථකාමී ජන්කුක්"

ජිමින් මුමුණන කොට ජිමින් ගෙ ඇහෙන් කදුලක් බේරුනා.





"ඇයි ඔහොම කතා කරන්නෙ. ජිමින් ඔය විදියට කතා කරන කෙනෙක් නෙවෙයි."

ජන්කුක් ජිමින්ගෙ උරහිස්සෙන් අල්ල ගන්න ගමන් කියනකොට ජිමින් ජන්කුක් දිහා බැලුවා.






"කු..කුකී..."

"යස් මයි ජිමින්?"

"අයි ලව් යූ.."

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now