16 කොටස

432 133 105
                                    

"මිස්ටර් පාර්ක්"

ජිමින් දෙස බලාගෙන නැගිට්ට ටේහ්‍යුන් විසින් විස්තර කරපු මිස්ටර් ජේ ජිමින් වෙත සිය දකුණු අත දිගු කරනකොට මොහොතක් කල්පනා කරපු ජිමින් ඔහුගෙ දකුණු අත අල්ලගෙන හිනා උනා.




"ජිමින්"

"ඔහ්. ජිමින් ආයෙත් වතාවක් මුණ ගැහුන එක ලොකු සතුටක්"

මිස්ටර් ජේ හිනා වෙන ගමන් කියනකොට පුදුමයෙන් ඔහු දෙස බලාගෙන හිටපු ජිමින් ඔහුට විරිත්තුවා.


"ඔහ්. මම හිතුවා හරි. මිස්ටර් පා... මම කිව්වේ ජිමින්ට මාව මතක නැහැ. රයිට්?"

"අයිම් සෝ සොරි මිස්ටර් ජේ. ඇත්තටම මගෙ මතකෙ නම් විකාරයක්."

ඔහු හිනාවෙන ගමන් කියනකොට ජිමින් කණගාටුව මුසු ස්වරයෙන් කිව්වත් මිස්ටර් ජේගෙ මුහුණ පුරා පුලුල්ව පැතිරුණු සිනහව මොහොතක් වත් අඩු කරන්න සමත් උනෙ නෑ.

"ඔහ්. ඉට්ස් ඕකේ ජිමින්. මම තමා ඇත්තටම එදා ජිමින්ගෙ මම් ව හොස්පිටල් එකට ගෙනාවේ. ඒ වගේම ඊට කලින් දවසක ජිමින්ගෙ යාලුවා මම එයාගෙ ඩැඩා කියලා වරදවා වටහා ගත්තා."

ඔහු ජිමින් දිහා බලාගෙන මුමුණන කොට එක් වරම ඔහු කවුරුදැයි සිහියට නැගුණු ජිමින් ඔහු සමග සිනා උනා.



"ඔහ් මිස්ටර් ජේ. මගෙ මමාගෙ නේබර්. මම නම් ගොඩක් බෑඩ්. මට මතක තිබ්බෙ නෑනෙ. ඇත්තටම මට එදා හරියට තෑන්ක්ස් කරන්නවත් බැරි උනානෙ"

ජිමින් හිනා වෙන ගමන් කියනකොට මිස්ටර් ජේ ඔහුට සිනහවකින් සංග්‍රහ කරලා ඔහු අසුන් ගෙන හිටපු අසුනේ නැවතත් වාඩි උනෙ ජිමින්ට ඔහුගෙ එහාපැත්තෙ තිබුණු පුටුව ඇස් වලින් පෙන්වන ගමන්.

ඒ දිහා බලාගෙන හිටපු ජිමින් ඔහු ලග වාඩි වෙනකොටම ජිමින් ඉල්ලපු ලොකු හොට් චොක්ලට් කෝප්පයක් උස්සා ගත්ත ටේහ්‍යුන් එතනට ආවා.



"හලෝ. ඔය දෙන්නා ඉක්මනට යාලු උනා ද?"

ජිමින්ට හොට් චොක්ලට් කෝප්පය දිගු කරන ගමන් මුමුණපු ටේහ්‍යුන් අහනකොට එය කතාවක් නැතිව පිලි ගත්ත ජිමින් ඔහු සමග හිනා වෙලා තොල් උල් කරලා ඒකට පිම්බා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now