01 🎶

15.1K 1K 454
                                    

ශැම්පේන් ග්ලාස් දෙකයි මාර්ටීනි එකයි...

හරි ...

දම්පාට...ඇස් කඩන් යන රෝස පාට...........හතර වටින් වදින ෆ්ලැශර් වල සුදු එලි .........සකරමොටන් නියෝන් එලි මගෙ ඇස් දෙක කණ කරන්න ආවා.........මෙච්චර වෙලාම සින්දු කියාපු කෝකිලයට කටේ කෙල හිදීගන යන වෙලාවක විනාඩි පහදහයකට බ්‍රේක් එකක් ගත්තා විතරයි නියෝන් එඔඉ වෙනුවට හරි හීන් එලියක් තිබුන ලාම්පු ඔක්කොම නිවිලා ගියත් හරි ඩීජෙ තැටිය කරකවන කොල්ලා ආවා විතරයි මේක නියෝන් සාගරයක් උනා.........

සිංහල සින්දු බලාගන ඉන්නකොට සලාද වෙන්න ගත්තා. සිංහල දමිල ඉංග්‍රීසි කලවම් වෙන්න ගත්තා...... ඩීජෙ තැටිය කරකවන එකා එක කනක් වහගන අර තියන හැම බොත්තමම එහා මෙහා කර කර තැටිය එක පාරක් දෙපාරක් එකම තැන කරකවලා ගත්තත් හරි සිංහල සලාද අහකට වීසි වෙලා එකපාරම ජෙනිෆර් ලෝෆෙස් වැඩම කෙරුවා......

ජේලො ගෙට් ඔන් ද ෆ්ලෝර් කිය කිය කෑගහනකොට එක පැත්තක උන්න පෝල් ඩාන්ස් කරන කෙල්ලො ටික අර නිකල් බාර් එකට උන්ගෙ අඩ හෙලුව පුලුවන් තරන් දරාගන්න දීලා උඩටත් යටටත් රූටනකොට මං බලාගන දියවන්නාවෙ කොකෙක්ගෙ පුතෙක් කෙල්ලෙක් අරන් උඩට යනවා...........

මං හිතන්නෙ ඒකිට අද පැයට විස්සක් වත් හම්බෙයි...හැබැයි විස්සෙන් දහයකට වත් ඔය වැදුන පාරවල් වල වේදනාව යන්ඩ බෙහෙත් ගන්ඩ වෙයි........

මල්ලි හතරයි අටෙන් කාල්ස්බර්ග් ශොට් එකයි සික්ස්ටි නයින් ඒකෙන් දෙකයි

හරි....

මීට කලින් ඉල්ලපු මාර්ටීනි එකයි ශැම්පේන් ග්ලාස් දෙකයි අයිස් කියුබ් ග්ලාස් එකයි මේ ඔක්කොම එක ට්‍රේ එකකට හදාපු මං මගෙ ගාවට ඇවිදින් ඕඩර් එක දුන්න කොල්ලට දෙනකොට අනිත් කොල්ලා ඕඩර් එක දෙනකන් ජේ ලෝගෙ සින්දුවට තාලෙ අල්ලන්න ගත්තා...... කොල්ලා නටනවා.....

මේක රාජකාරිය .....මිනිස්සුන්ට බොරුවට හරි පෙන්නන්න ඕන රාජකාරිය උනත් අපිත් මෙතන විදිනවා කියලා ..මොකද මේක නියමයක්...මේක නිතියක්...මේක රූල් එකක්....

ගෙන්දගම් පොලවෙ කුරුදුවත්තෙ මහත්තුරු වගේම සල්ලි කදන් වෙච්ච නෝනලා සම්මත...අසම්මත...අනියම් හෝ...නීත්‍යානුකූල ආදරවන්තයො එක්ක විනෝද වෙන්ඩ එන මේ සුපිරිතම ක්ලබ් එක අස්සෙ තිබුන පලවෙනිම රූල් එක......

🔱SINGAM🔱Where stories live. Discover now