37‼️

4.2K 813 1.9K
                                    

අන්නා.....පෙනි කජු වලට කෙමතිද   

හ්ම්.....ආ...මා ඇනි කජුවලට කෙසෙ  වෙතත් මං ආසම මේ සුදු අතින් හදපු හන්දා.....

අයි...යයියෝ....අන්නා...යෙන්න.........විහිලු තමා කරනවා.....යේක අපිලට ලෙජ්ජ තමා හිතෙනවනෙ    .....

මං හිනා උනා...නිකන් නෙවෙ මගෙ දත් ඔක්කොම එලියට දාලා ඇස් හීනි කෙරුවා මදිවට බෙල්ලත් චුට්ටක් ඇලකරලා හිනා උනා.....ලා රෝස පාට පංජාබ් ශල්වාර් එකක් ඇදන් උන්න කල්‍යානිගෙ කොන්ඩෙ  පුරාවටම තිබුනෙ ගැට පිච්ච මල් වෙනකොට කෙල්ල අතෙ තිබුන කජු එකෙයි මල්වල සුවදයි මට මෙතනට දැනුනා.....

.

කල්‍යානි ලස්සනයි.......වචනයෙ පරිසමාප්තියෙම්ම ලස්සනයි............ම්ම්ම්..මුරලිධරන් පවුලට ලේලියෙක් විදිහට එනවා නම්........ම්ම්...ඒත් නොසෑහෙන්න ලස්සනයි.....නල්ලම්...රොම්බ....නල්ලම්.........අක්කා මල්ලි ලව් ඕන තරම් ඔය තියෙන්නෙ නේද....ක්ල්‍යානි තංගච්චි................ම්ම්ම්.....බලමු චූටියා තාම ඉගන ගන්නවා.........

කෙල්ල එනවා...හිනා වෙවි ඒකි එහෙන් එනකොට කෑම මේසෙ දිහාවෙන් කරගදක් එන්න පටන් ගත්තා......ඇවිලෙනවා...ඇවිලෙනවා...
ගප්පියගෙ චන්දු බබා කරකුට්ටන් වෙන්න ඇවිලෙනවා...ඒත් මම නෙවෙ ඒ පැත්තට ඇහැක් හැරෙව්වෙ.....මොකද ඔය පැත්තට හැරුනොත් ඕකගෙ මූන දැකලා මාව ඊට වඩා කරවෙන්න ගන්නවා.....උඹට ගප්පියා එක්ක මගුල් අහන්න හොදයි......මට තමයි බැරි..

මීටර් දෙසීයෙ ධාවන පතයක් සයිස් කැම මේසෙ ,නෑ කමේ හැටියට පවුලෙ මුල් පුරුකට අදාල නෑ කමෙ  තැන හැටියට  අවසානම කොනෙ ඉදන් උන්න කල්‍යානි උරහිස ගාවින් ගිලිහිලා වැටුන ශෝල් එකත් ආපිට උරහිසට දාගන ලතාවට පැද්දි පැද්දි එනකොට මං මගෙ උඩු රැවුල පොඩ්ඩක් කරකවල කට කොනින් හිනා උනා....

.

මේක හරියටම ෆිල්ම් එකක කොල්ලා පලවෙනි පාරටම ලස්සන  රැන්ඩම් කෙල්ලෙක් දැකලා ඒකිට නොතේරෙන්න ඒකි එක්ක ආදරෙන් බැදෙනවා වගේ සීන් එකක්.......

වටපිටාවෙ උන් පවා ඒකිගෙ ලස්සනට වහ වැටිලා කටවල් ඇරන් බලන් ඉන්න වගෙ සීන් එකක් ....තනිකරම  මේක ෆිල්ම් එකක්....රගපාන්න නොදන්න මම උන්නෙ ගොතන් උන්න කොන්ඩ කරලෙ පටලන් උන්න මල් සුවදට වඩා  කල්‍යානිගෙ රූප්‍රශියෙන් මත් වෙලා වෙනකොට එහෙන් ධීර් කරවෙනවා......කර වෙනවා කියන්නෙ තනිකරම පිදුරු ගොඩකට සුරුට්ටුවක් විසි කෙරුවා වගේ මගෙ දෙමලා අවිලෙනවා......මෙහෙන් කල්‍යානි එනවා.........නිකන් නෙවෙ ඒකි හිනාවෙවි අඩිය තියන වාරයක් පාසාම කන්වල තෝඩු ඉස්සරහටත් පැද්දෙනවා පිටිපස්සටත් පැද්දෙනවා............

🔱SINGAM🔱Where stories live. Discover now