06🎶

4.6K 894 1.2K
                                    

මං රවාගන බලන් උන්නා....මෙච්චර දේවල් වෙලත් ධීර් කිසි ලැජ්ජාවක් නැතුව  මගෙන් හනිමූන් එක ගැන අහනකොට මම ශීට් එකට මිටමොලවලා ගැහුවා ...

පරිස්සමින් යනවා හොදද...ගෙදර ගිහින් ගෙදර ආවා කියලා මැසේජ් එකක් දානවා...

ඇයි මං බැදිලා ඉන්නවද ....මං කිව්වනෙ මට කොල්ලෙක් ඉන්නවා...නිස්කාරනේ නහින් නැතුව අර දෙමලිච්චා එක්කම ඉන්නවා....තමුසෙට කොහොමත් සෙට් වෙන්නෙ ඒ සාරිගප්පියව තමයි.....

ම්න්.....ඔව් හැබැයි.....සාරි ගප්පිත් ලස්සනයි ...

වටබඩුවා......උඹ හැදෙන් නෑ...වටෙ යන එවුන් කොහොමත් හැදෙන් නෑ..........උන් දන්නෙ ඇත්තට ආදරෙ කරන උන්ගෙ පපු වලට ගින්දර දිදී වටෙ යන්ඩ විතරයි .....තමුසෙත් එකයි මගෙ අම්මත් එකයි ....තමුසෙලාට අපි කොච්චර අවංකවම ආදරෙ කෙරුවත් තමුසෙලා හැමදාම කෙරුවෙ අවංක මිනිස්සුන්ට රිදවන එක...

මම ධීර්ට කෑ ගැහුවා ....කොටින්ම ධීර්ව දකින වාරයක් පාසාම මට අම්මගෙ වංචාවත් සැරින් සැරෙ මතක් වෙනකොට මන් ඒ දුකත් ධීර්ගෙන් පිට කෙරුවා ......එයා ඔහේ උන්නා....අර හිනා...කට කැඩුන කතා මොකුත් නෑ........

එන්න...

ධීර්...

එනවා එලියට

යන්න කියනවා එන්න කියනවා තමුසෙට ලූස්ද අයිසෙ.....

ම්න්.....ලූස්....හැමදාම වගෙ තමුසෙ හන්දා......ඔහොම කෑ ගහන්ඩ එපා හැම වෙලාවෙම....තමුසෙ මට ඕන දෙයක් කියනවා මට ගානක් නෑ....හැබැයි තමුසෙ මගෙ ගාව ඉදන්‍ යනකොට ඔහොම තරහ අරන් යන්න එපා...........මං කැමති නෑ.....

මාව අතාරිනවා ධීර්....මට යන්න දෙනවා....ඌ තවමත් තමුසෙට කතා කරනවා.....

ම්න්...ඔව්....හැබැයි වෙනස්....අපි කතා කරනවා කියන එකයි.....ඌ මට ගන්නවා කියන එකයි වෙනස්......ඌ ගන්නවා මං උත්තර බදිනවා.....ඌ ගන්නවා මං ඌ එක්ක  වැල්වටාරම් කියනවා නම්...ඔන්න තමුසෙට කෑගහන්ඩ තව කාරනා තියනවා ....

උඹට මාවද ඕනෙ ඌවද ධීර්??

ඌට ඉන්නවා නම් ඉන්න පුලුවන් යනවා නම් යන්න පුලුවන් ....උන්නත්...නැතත් මට ගානක් නෑ....හැබැයි තමුසෙට ඒක අදාල නෑ.....තමුසෙ මගෙ ගාව ඉන්න ඕන......යනු බෑ.....තමුසෙ නොදන්නවා උනාට මට තමුසෙට වෛර කරන්නත් හේතු තියනවා .....මන් කියන්නෙ මෙච්චරයි ....තමුසෙව මට ඕනා....තමුසෙ එක්ක ජීවත් වෙන්නත් මට  ඕනා....හැබැයි තමුසෙ මගෙ වෛරෙ ආදරේකට පෙරලගන්න එපා......

🔱SINGAM🔱Where stories live. Discover now