28🎶

3.6K 762 1.2K
                                    

.......කහ ගෑම් අහවර උනා...........සන්තෝසෙන් පවුල් කන්න කියපු පාට්ටි මාව බදලම ඉඹගන්නකොට මං බලාගන මගෙ ධීර් හිනා වෙනවා......සුභ පැතුම් නම් කන්දක් තරම්....උනුසුම් වැලදගැනීම් නම් අහවරක් නැති තරම්......

ඒත් එකම එක වැලදගැනීමක් තිබුනා කිසිම උනුසුමක් නැති උන...එකම සුභපැතුමක් තිබුනා කිසිම පැත්තකින් සුභ නොවුන.......

"හොදට හිතලා බැලුවොත්...තවටත් වෙලාව තියනවා.....මේක අපිදෙන්නම ඉවරයක් කරලා දාමු......."

මේ වචන.....කසාදෙ සුභ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා වෙනුවට මට ලැබුනෙ ඔය වචන........වෙන කාගෙන්වත් නෙවෙ මගෙ මස්සිනාගෙන්......

මට නින්දක් නෑ.........සමහරක්ට කසාදෙ සතුට ඉහවහ ගිහින් නින්ද නැතිවෙනවා....ඒත් මට නිදහසක් නැති කමට නින්ද නැති වෙලා......කීයක් කියලා හිතන්නද........

මුලු මීනේශ්වරි මන්දීරෙම නින්දට වැටිලා...කෝලම් රටා...ලක්ශ්මි පහන තියන තැන් විතරක් නෙවෙ.... ඕනම දුකක් වේදනාවකදි දරාගන්න දුක වේදනාව සමසිතින් දරාගන පවුල් කුඨුම්බෙ රැකගන්න කියන අදහසත් එක්ක මහපොලවට හෙන් ගැහුවත් ..වැහි නැතිව පොලව ඉරිතලා ගියත් මොන මගුල උනත් මොන විපරියාසෙ සිද්ද උනත් නොමැරි ඉන්නවටත් වඩා දරාගන්න ඉන්න හයිය තියන එරබදු පැලදෙකක් දෙකක් ධීර්ටත් මටත් පැලකරන්න තියාපු පාට්ටිටට සැපටම නින්ද ගිහින් තිබුනා...ඒත් මට විතරක් නින්ද නැති වෙලා...මට විතරක් මගෙ නින්ද නැති වෙලා...........

හෙට මගෙ ජීවිතෙ එක ටර්නින් පොයින්ට් එකක් සිද්ද වෙනවා...තව පැත්තකින් මගෙ ජීවිතෙ තවත් ලොකු වගකීමක් එකතු වෙනවා...........නිකන් නෙවෙ....සෑහෙන්න ලොකු.......සෑහෙන්න ලොකු වගකීමක් එකතුවෙනවා............ඒ වගේම....සෑහෙන්න ලොකු කඩාවැටීමක් සිද්ද වෙනවා......එකම ජීවිතයක් අස්සෙ මං ඍතු කියක් නම් බැලැන්ස් කරන්න ඕනද.....

ධීර්ට නින්ද ගිහින් ඇති .........

කාමරෙ මැදම එල්ලා තිබුන ඔන්චිල්ලාවෙ ඉදගන ඉස්සරහටත් පස්සටත් පැද්දි පැද්දි උන්න මං මගෙ ඵෝන් එක දිහා සිය වතාවක් විතර බැලුවා......මේ පැය ගානට මං සුරුට්ටු සීයක් විතර ඉරෙව්වා.............

🔱SINGAM🔱Where stories live. Discover now