47⁉️️

5K 717 1.2K
                                    

..........අම්මු ...

.......ම්ම්ම්......

මට හිතෙනවා අයිසෙ එකා එකාව අරන් සර්වරාත්‍රික ගුටිපූජාවක් සෙට් කරන්න.....ගහන එක ඇට ගැලවෙන්නවත් ගහන්න ඕන අයිසෙ...අනික තමුසෙගෙ අර බිත්තර පෙරකදෝරුවා කිව්වා කට වහන්නෙම නැත්තන් කට කාපන් කියලා.........

ධීරුත් මාත් ඒ වගේම සීයා රංගනියා මේ හැමෝම උන්නෙ එලියෙ......... තත්වය සාමකාමියි කියන්න විදිහක් ඇත්තෙම නෑ.....ආව අමුත්තො වගේම සංධීර්ලා ආපිට යන්න ගියත් මොකද ගංගාධරී ඉන්නවා කියලා මහ එකා පටන් ගත්තු පටන් ගැම්ම  මුන්ගෙ හිත් ගිනි අස්සෙ ගිනි ඇවිලෙන්න ගත්තා.... ලැව් ගිනි පිට ලැව් ගිනි එන්න ගත්තා තනිකරම පිදුරු ගොඩකට සුරුට්ටු කොටයක් විසික්කෙරුවට හපන් උනා.........බලාගන ඉන්නකොට දෙමල ජනෙපදේන් ගිනි පුපුරු පිට උනා.....

.නාකි කිකිලිට කාලි වැහිලා ....මන්නෙ උරුක් කර කර මුලු බන්සාල් මන්දීරෙම සුද්ද කරනකොට සුරේන්ද්‍රන් කාරයා නයා මැරුන අහිකුන්ටකයා වගේ ඉදන් උන්නා..........ඒකා මුමුනවා....ගංගාධරීව දැක්කමයි ගගා නහිනවා.......මුන්ට මරනකොට බය නෑ...හැබැයි මැරෙන්න ලන් වෙනවා කියනකොට බය හිතෙනවා......

ඩේ සුරේන්ද්‍රන් ...කියපන්....යේක උඹ හරියටම දෙක්කද ආවෙ ඒකිමයි කියලා .........යේක විහිලු වේන්ඩා සරි.....මෙ  අම්මා හොදට හොද තමයි ...නරකට යේක අන්තීම නරකයි සරි.....

මං ධීර් දිහා බැලුවා ......මෙච්චර කල් ගංගු....ගංගාධරි ගගා හරි ආදරෙන් කතා කරපු ගෑනි යකා ගහලා වගෙ උන්න සුරේන්ද්‍රන් කාරය ගාවට ගිහින් උඹ හරියටම දැක්කද ඒකිමයි ආවෙ කියලා අහනවත් එක්කම ධීර් ගිහින්  වෙනදට පාට්ටි කිකිලි මහ උජාරුවට ඉදගන්න  කැටයම් කපාපු ඉන්දියන් රජකාලෙ රාජ සිංහසානයක් හා සමාන පුටුවෙ ඉදගත්තා    ...ඉදගන පුරුදු විදිහටම කකුලක් උඩට අරගත්තා ......

මුත්තුසාමි ....

අයියා....

විටක් ගෙනෙන්....මේ නාට්‍යම් බලනකොට හක්ක පාලුවට යවන එක අපරාදෙ.......

සරි අයියා....අයියට විතරද...යේක අපිලගෙ සින්න අප්පාට....

වේන්ඩා....සින්න අප්පට විටට වඩා හොද විටක් කවන්න තියනවා.....මට විතරක් ගෙනෙන්  ...

🔱SINGAM🔱Where stories live. Discover now