26🎶

3.9K 750 877
                                    

ධීරා....

යෙන්න මා....... ඇති වෙන්න මුරුගා වැන්දද.....ම්ම්ම්ම්ම් ...

හ්ම්....

මොනාද තමුසෙ මුරුගට කිව්වෙ.......

මං උන්නෙ කෝවිලෙන් එලියෙ...මුලු කෝවිල් හතර දිග් බාගෙමන් කපුරු සුවදයි......මන් බලාගන දෙමල මිනිස්සු මුරුගා වදිනකොට ට්‍රිප් යන්න ආව සමහරක් සිංහල උන් ඒ මේ අත බල්ටි ගගහා ඵොටො ගන්නවා.... සමහරක් උන්  වදින්නන් වාලෙ  වදිනවා.....එක්කො ට්‍රිප් ආවා නම් උන් බලලා යන්ඩ ඕන......හිතෙ බක්තියක් නැතුව මුරුගා වදිනවා..........මොන මුරුගට උනත් භක්තිය නැතුව අර ඇපෙන් බේරෙබ්ඩ බැරි කමට වැදලා තේරුමක් නෑ......මිනිස්සු තේරුම් ගන්ඩ ඕන පන්සලට ඇතුල් වෙනකොට තියන ස්‍රද්දාවම අනිත් දෙයියන්ගෙ විමාන වලට පයගහනකොටත් තියන්ඩ.....ඉද්දකින් ගොඩ සුද්දියො රිලවෙක් දැක්කත් හෑයියා හූයියා ගානවා..බය වෙනයි අවදානෙ ගන්ඩ රගන එක වෙනයි...

මේකිලාට ගහන්ඩ ඕන බූවල්ලකට හුජ්ජ කරලා.......

ඔලුව දෙපැත්තට වනපු මං ධීර්ලා අදහන මුරුගගෙ විමානෙ දිහා බලාගන උන්නා....

රිලව් විමානයයි........කෝවිලට එන කදු බෑවුම අස්සෙ මුවෝ විමානයයි.....ගිනිගහන උතුර කිව්වත් මොකද උතුරටත් දැන් හෙවන තියනවා......

පහලින් නිල් කැටියට තියන ඉන්දු සාගරෙ..........අලුතෙන්ම හදාපු ශිව රූපෙ.......එක පැත්තකින් රාවනාගෙ රූපෙ...තව පැත්තකින් රාවනා කැපුම....ඔක්කොමත් එක්ක එක තැනක තියනවා මෙතනින් පහලට පැනලා සියදිවි හානි කරගත්තු ආදර අන්දරයක්........ශිවලිංගෙටත් කතාවක් තියනවලු.....රාවනා අතෙ තියන ඔය සංගීත මෙවලමටත් කතාවක් තියනවලු............ඒක හැදුවෙත් තමන්ගෙ සර්වාංග කොටස් වලින් කියනවා...ශිව දෙවියන්ව සතුටු කරන්නත් ශිවලිංගයක් බලාපොරොත්තුවෙන් ශිව තාන්ඩව් හැදුවෙත් රාවනා කියනවලු....

දේව කතා නම් කොච්චර තියනවද....ශිවලිංගයතත් ගැහැනු යෝනියත් එකට කරලා හදපු තැනට මිමිස්සු වදිනවා...කිරෙන් නාවනවා...ඔව්වලට පුරාන කතා කොච්චරද .......අහනකොටත් ඇගම හිරි වැටෙනවා...ඒක බයක්....සමහර වෙලාවට දේව ගරුබිය කියන්නෙ ඕකට වෙන්න ඇති......

🔱SINGAM🔱Where stories live. Discover now