39‼️

4.6K 834 1.8K
                                    

....සැනසීමයි.....මට සැනසීමයි කියන්නෙ...ආය මේ දැනෙනෙ සැනසීම අකුරු කරන්න මට වචන නෑ........

ඒ කියන්නෙ උඹට තියෙන්නෙ පිරිසිදු ලේ.......ආඩම්බරකාර ලේ......රටපුරාවටම ළමයි ජාතක කර කර යන සල්ලාලයෙක්ට නෙවෙ උඹව ජාතක උනෙ ධීර්.........ඒ වචනම ඇති ධීර් මාව නිවෙන්න .....උඹව නිවන්න..........

වාසු දේවන් ..ඒ වගේම උඹටත් දැන් හිත නිවෙන්න කාරනාවක් තියනවා .....උඹගෙ අම්මා උඹගෙඇස් ඉස්සරහ දූශනෙ උනා කියන පපුව පලන වේදනාවෙන් උඹත් නිදහස්......

තත්පර ගානකට මේ හැම දේම නිහඩ වෙලා නිශ්ශබ්ධ වෙලා ගියා...හිතන්න ඕන කාරනා ඔලුව උඩ ගොඩ ගැහිලා ඔලුව පුරාවටම හිතන්න ඕන කාරනා තට්ටු ගනන් ගොඩ ගැහිලා.....හොදම දේ නිවාඩු පාඩුව කල්පනා කරන එක.............

"ධීර් හොදින්ද    ........එයා...එයා කොයි වගේද  ........ගංගු වගේද......නැත්තන් වාසු අන්නා වගේද.........නැත්තන්.......චෙල්ල කුට්ටි වාසු වගේද.............ධීර්ටත් නටන්න ......සින්දු කියන්න.....ඔක්කොම පුලුවන්ද  ...අවී චෙල්ල කුට්ටි.....අවී......දකින්ඩ තමයි ආසාව.......ඒත්........."

මගෙ කල්පනාව කුඩු කුට්ටන් වෙලා ගියා.......මගෙ හිතෙ තිබුන සියුම් සතුට දියවෙලා ගියා....එයාගෙ වචන අස්සෙ කිසිම මහප්‍රාන අකුරක් තිබුන් නෑ...ඒත් ඒ හැම වචනෙම බරයි........

සමහර වචන අස්සෙ මහප්‍රාන අකුරු නොතිබ්බට ඒ වචන ඇහෙන කොට දැනෙනකොට හරි බරයි.......

ආදරෙත් ඒ වගේ.....විරහවත් ඒ වගේ....සැනසීමත් ඒ වගේ .....එකම මහප්‍රාන අකුරක් වත් ගෑවිලා වත් නෑ......

වචන අස්සෙ මහප්‍රාන අකුරු තිබුන් නැති උනත් හැහීම් අස්සෙ මහප්‍රාන වලට වඩා බර අකුරුතිබුනා...ටොන් ගනන් ඒ හැගිම් බර උනා...........මොට්‍ටැක්කිලිය අස්සෙන් මං යන්තමට ඒ ඇස් දෙක දැක්කා....ඇස් යටට ගාපු අදුන් පාර තෙත් වෙනවා......වැව් බැම්මෙ රැලි ගහනවා වගේ ඒ ඇස් ගැට්ටට කදුලු එකතුවෙලා තිබුනා...කොයි වෙලාවෙ හරි ඔය ඇස් වාන්දානවා.............

මං මගෙ කල්පනවට තිත තියලා කෙලින්ම ඒ පැත්ත හැරුනා....පොපිමලෙ පාට අරගන සායම් කරාපු හීන් තොල් වල යටි තොල් වෙව්ලනවා...........

"..ධීර්.....එයා......එයා අම්මා වගේමයි....වාසු අන්නටයි එයාටයි තියෙන්නෙ එකම ගති ගුන.........ධීර් නපුරුයි .....තරහා යනවා.....හිතන්නෙ නැතිව කතා කරනවා........ඒක.....ඒක එයාගෙ වැරද්දක් නෙවෙ.......මිනිස්සු ගොඩක් මැද උනුහුමට උන්නත්....ජීවිත කාලෙම රැවටිලා කියන වේදනාව එක්ක එයාව වෙනස් වෙලා....මං දන්නෙ නෑ...මටත් ඔයාට අම්මා කියලා කතා කරන්න වරම් තියනවද නැද්ද කියලා ...ඒත්....මගෙ මනුස්සයා හොද කෙනෙක් ..කැහ්...කැහ්...."

🔱SINGAM🔱Where stories live. Discover now