49🔱

3.2K 556 641
                                    


රාරා...සර්සකු රාරා........!!

ප්‍රනවාලයා පාහි  ......පරිවාරය පරමේශී.....

කමලාලය ශ්‍රී...දේවී.........

මගෙ ඇගෙ හිරිගඩු පිපෙන්න ගියෙ හුස්මක් ඉහලට අරගන්නවටත් වඩා අඩු  කාලයක් වෙන්න ඇති.....එකම දිගට නැති උනත් කඩින් කඩ ඇහෙන අම්මගෙ කටහඩත්.....පහල තට්ටුවෙන් ඇහෙන  වාසු අන්නගෙ තබ්ලාවෙ සද්දෙත් එක්ක මගෙ ඇගේ හිරිගඩු පිපුනා........මාත්‍රාව සැරින් සැරෙ මාරු කර කර...රාග මාරු මරකර වාසු අන්නා කරන්නෙම මලවුන්ට ආවැඩීමක් වෙනකොට වෙන දේ හොදටම දන්න මට පවා හීනියට දාඩිය දැම්මා.......

ඇද උඩ උන්න මං කඩින් කඩ ඇහෙ න  සින්දුවෙත් තබ්ලාවෙත් හීනියට ඇහෙන සිතාර් සද්දෙට කන්දීගන ඉදලා ඉදලා   ඇදෙන් බැස්සා....
සෙරෙප්පු නැති නිරුවත් කකුල් පරන කාලෙ මාබල් පොලවට තියනකොට යටිපතුලෙන් පටන් ගත්තු හීතල කෙලිම්ම ගිහින් වැදුනෙ හදවතට  වෙනකොට මන් මගෙ නිරුවත වහන් කරන් උන්න වෙයිට්ටිය ගලවලා බිම දැම්මා......

මෙතනින් පස්සෙ මෙතන මනේශ් කුමාර් කෙනෙක් නෑ...ඉන්නෙ ගනේශ්කුමාර් මුරලිධරන් විතරක් වෙනකොට දාහතර අවුරුදු දිරන්න නොදි පරිස්සම් කරගත්තු අප්පගෙ තනි කලු වෙයිට්ටිය අතට ගත්ත මං රත්තරන් බෝඩර් එක දිහා බලාගන ඉදලා අවසානෙදි මුරුගට වදිනවටත් වඩා
භක්තියකින් අප්පගෙ වෙයිට්ටියට වැන්දා.....

මොකද මුරුගට ඉහලයි මගෙ අප්පා....අන්තෙටම අසරන වෙලා නැතිබංගස්තාන වෙලා යන තැනකයි මුරුගා පවා අහක බැලුවෙ.........ඉතින් එහෙම මුරුගට මොකටද අප්පට වඩා ඉහල තැනක්???? මවාපු මුරුගට පුලුවන් උනා නම් අසරනයගෙ කදුලු දැක දැක අහක බලන්න අන්තීම හුස්ම අරිනකම්ම පුතෙ දුවපන් කියපු අප්පා මුරුගට ඉහල නැද්ද......??

අතෙ තියන් උන්න වෙයිට්ටියට වැදපු මං  එහෙම්ම කන්නාඩිය දිහාවත් නොබලාම වෙයිට්ටිය අදින්න ගත්තා...

මගෙ අප්පට තිබුනෙ ගෑනුන්ට පිස්සු හැදෙන ඇගක්....ලමයි තුනකගෙ අප්පෙක් ..මැනින් මාකට් එකෙ කොටුවෙ බෝගහ යට  මුට්ටකරගහන නාට්ටාමියෙක් උනත් මොකද අප්පට තිබුනෙ ගෑනියෙක් නෙවෙ පිරිමි පවා දෙපාරක් හැරිලා බලන ඇගක්.....අත්දෙක උස්සනකොට පිම්බෙන අත් ගොබ   අතක අල්ලකින් අල්ලන්න පුලුවන් තරමට පිම්බුන දෙකට බෙදුන පිරිමි පපුව ......

🔱SINGAM🔱Where stories live. Discover now