20🎶

4.3K 751 1K
                                    

තමුසෙ විකාර කියනවා අම්මු.....

හ්ම්....මට තමුසෙගෙ හිනාව දැක්කම ලෝබයි ධීරා....මං ඇත්ත කිව්වෙ....තමුසෙ දන්නවා මං ගාව පොයි නෑ.......මන් වගේ නෙවෙ තමුසෙගෙ හිනාව හරියටම අමාවකට හද වගෙ......තමුසෙට තියෙන්නෙ අමාවකහසක් ධීර්.......මට ලෝබයි......මට ඒක කියන්න ඕන තමුසෙට.....

ම්න්........තමුසෙ ගාව පොයි නැද්ද ම්ම්ම්ම්........සීරියස්මද....පොයි ඉල්ලෙ කියන්න ම්ම්ම්.......පොයි ඉල්ලෙද....සරි තමුසෙ ඒ තරමට මගෙ හිනාවට ආසද ......???

මන් දන්නෙ නෑ මට වටපිටාව ගැන හැගීමක් තිබුන් නෑ........මගෙ දිහා බලන් ඉන්නෙ කව්ද...මගෙ ආදරේ දිහා බලන් ඉන්නෙ කව්ද මට හිතන්න උවමනාවක් තිබුන් නෑ....

මට ඕන උනෙ එක දෙයයි මම කියන්නෙ සුදු චරිතයක් නෙවෙ කියන්න අමතක කරලා කිසි පැල්ලමක් නැති එයාගෙ අම්මු විතරක් වෙන්න.....

මට ඕන උනෙ මානි වෙනුවට එයාගෙ මන්සද වෙලා මං තමුසෙට පට්ටා ආදරෙයි ඕයි කියලා හාදුවක් තියන්න.......

මට ඕන උනෙ ප්‍රබලතම ප්‍රතික්ශේප කිරීමකට පස්සෙ  ජීවිතෙ නොම්බර එක සල්ලි  කරගත්තු මානි වෙනුවට මගෙ දාඩිය හලලා ගෙදරට කන්න දෙන මන්සද වෙන්න.....මගෙම ලේ දුවන අබ්බගාත මල්ලිගෙ කැත කුනු කැතක් නැතුවම අතගාන අප්පච්චිට චූටියට පිස්සුවෙන් වගේ ආදරෙ කරන අර අහිංසක මන්සද  වෙලා මට තමුසෙගෙ හිනාවත් අමෘතයක් ඕයි කියලා හාදුවක් දෙන්න වෙනකොට ධීර් මගෙ ඇස් දෙක දිහා බලාගන උන්නා....

එයා අහනවා මගෙන් බොරු කියන්නෙ නැද්ද කියලා...

ඒක සීරියස්ද කියලා අහනවා.........

ඒ අස්සෙන් පියාජියො ආටා යනවා....පෙට්ටි කඩවලට නාන් රොටි දාන මුස්ලිම් ගෙවල් වලින් නාන් රොටි කුබුස් රොටි ගෝනි ගනන් අරන් යනකොට මං බලාගන දෙමල ගෙදරකට ගිය එකෙක් පාරෙ තියන් විකුනන සාම්බාරුවකට මුරුංගා මිටියක් අරන් යනවා....

තම්බි පැටව් කෑ ගහනවා.....හූ තියනවා....කොළොම්තොටට  අවේලාවෙ නැව් නගින  පරවි මගෙම එකෙක්ගෙ විසිල් පාරකට ආපිට මහපොලවට බාන වෙලාවක මගෙ දිහා බලන් ඉන්නෙ මොකාද ...උන්ගෙ මානි බොසාට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා උන් හිතන්නෙ මොනවද කියන හැම රෙද්දම අහකට දාපු මං ධීර් ගාවට ලන් උනා.....

🔱SINGAM🔱Where stories live. Discover now