22🎶

4.1K 786 694
                                    

මන් හිතන්නෙ මගෙ ඇස් රතුපාට වෙන්න ඇති..... ..

වාසුගෙ අප්පව මැරුවෙත් අම්මව දූශනෙ උනෙත් අම්මව උදුරන් ආවෙත් ඒ ඇස් පනාපිට කිව්වා මදිවට සල්ලාලයෙක් ට දාව ඉපදුන ධීර් චන්ද්‍රවර්ම කියන්නෙ දූශනයක ප්‍රතිපලයක් කියනකොට මගෙ ඇස් රතු උනා.........වාසුවා මගෙ තරහවෙ නිල අත ගගා තද කරනවා.....

වේදනාව කොහොම උනත් ධීර්ගෙ සම්බන්දයක් නෑ කියන්න දැන දැන උනත් වාසුට ඕන මුලු චන්ද්‍රවර්ම පරම්පරාව හෝදන්න වෙනකොට  මං මගෙ මිනිහව වාසුගෙ දර්ශන පථෙන් අඩියක් දෙකක් පස්සට කරලා ඒ මැදින් හිටගත්තා ...

ලීලා බන්සාල් ලා දෙන්නෙක් මැද එක අධිකාරි කෙනෙක්...... දෙමල්ලු දෙන්නෙක් මැද තනි සිංහලයෙක්....හරියටම මේකත් නිකන් දැන් එලාර දුටු ගැමුණු යුද්දෙ වගේ....!!!

අපිට පුලුවන් තුන් කොන් ප්‍රේම කතාවක් වෙනුවට තුන් කොන් වෛරයක් පටන් ගන්න......ඒ කොහොම උනත් අවසානෙදි එලාරව මරලා දුටු ගැමුනුට රජ වෙන්න.....

මොකාද මගෙ කඩොල් ඇතා එතකොට ....

සමාවෙයන්...මට මගෙ කඩොල් ඇතාට  පාවිච්චි කරන්න වෙන්නෙත්ම දෙමලෙක්ව......මීනේශ්වරි චන්ද්‍රවර්ම !

අන්නා.....

මන් මගෙන් කාන්දුවෙන ලාව තට්ටුව උඩින් ඇන්ටාටිකාවෙන් ගෙනාව අයිස් තට්ටුවක් ඇතිරුව......මෘදු ..එත් සීතල කටහඩකින් මං පුරුදු විදිහටම වාසුට අයිති තැන දුන්නා.....අන්නා...!

ධීර් කියන්නෙ අනවශ්‍ය ගැබ් ගැනීමක් ...එහෙමනෙ....අම්මා උන්න තත්වෙ අනුව අන්නට හිතෙනවා අන්නගෙ පැත්තෙන් සාධාරනයි ......හැබැයි ධීර් ඔය කියන තරම් වැරදි නම් අම්මට තිබුනා ධීර්ව මරාගන්න.....සරි...ළමයෙක් නැති කරන්න කියන එක......මං හිතන්නෙ නෑ ඒක ඒතරම් මහ කාරනාවක් කියලා.....එක පඩත්තර හිතක් තිබ්බා නම් ඇති            
     (හරියටම මගෙ අම්මා වගෙ)  

ධීර්ව දාලා යන්න....

අම්මෙක්ට කාලි වෙන්නත් කාලිට අම්මා වෙන්නත් බැරි කමක් නෑ වාසුදේවන් ....ඇරත් මේ ලෝකෙ කාට හරි කාව හරි මරන්න හිතුනොත් ඉන්ශුවරන්ස් කාරයෙක් රක්ශනෙ විකුනනකොට  මැරෙන්ඩ පුලුවන් විධි සීයක් කියනවට හපන් අදහස් ගොඩක් මරන්ඩ හිතෙන එකාගෙ  ඔලුවට එනවා ම්ම්ම්ම්ම්.......(හරියටම මම වගෙ....)

🔱SINGAM🔱Where stories live. Discover now