43‼️

4.2K 783 1K
                                    

වේදිනි බන්සාල් .......

අදුන් ගාපු ඇස්වල තිබුන අර අහිංසක කම නැත්තටම නැති වෙලා තිබුනා ....ඒ ඇස් අස්සෙ තිබුනෙ තනිකරම වෙදනාත්මක වියරුවක් විතරක්ම වෙද්දි වේදිනිත් ..මමත්.....ධීරුත් උන්නෙ එකම රේඛාවක වෙනකොට මවන්න පුලුවන් හේතු දාහක් විතර මවලා වාසුදේවන් මන්ධීරෙ සැනකෙලියකට හරවපු මමත් ධීරුත් කාටත් හොරාවට වෙනම ස්ක්‍රිප්ට් එකක් ලියන්න ගත්තා...............!!!!

ධීරුත් මමත් කාටත් හොරාවට හිනාවක් මාරු කරගත්තා.......

ධීරුත් මමත් කාටත් හොරාවට අතට අත දුන්නා ...අදින් පස්සෙ සෑහෙ දෙවල් වෙන්නෙ වෙනස්ම ස්ක්‍රිප්ට් එකකට වෙනකොට මං නිල වශයෙම්ම ගප්පියට මගෙ මිනිහගෙ හොර මිනිහා වෙන්න අවසර දුන්නා.......!!

අතීත කතා ආය ආයම රිපීට් වෙනවා.......ගංගාධරි ගෙ චරිතෙට පන දෙන්න වෙන්නෙ මට වෙනකොට මුඩුක්කු වෙසගනගෙ පුතා උන ගප්පියට පුලුවන් ගහෙ කටු අමුතුවෙන් උල්කරන්න දෙයක්නෑ කියන දේ ඇස් පනාපිට ඔප්පු කරලා පෙන්නන්න......!

ආරාධිත අමුත්තො පෝලිමයි.....මෙච්චර කල් චන්ද්‍රවර්ම පට්ටමෙන් ගෙනිච්ච ගෝල්ඩ් හවුස් වල මැනේජර් ලා උන්ගෙ රස්සාවට කෙලවෙන්න යන බව නොදැන පවුල් පිටින් වැල නොකැඩි එනකොට මැනේජර්ලාට විතරක් නෙවෙ කස්ටමර් කෙයාර් ඇසිස්ටන්ලට පවා අද මේ වාසුදේවන් මන්දීරෙ දොරවල් ඇරුනා.........මොකද......මේ මුන් හැමෝටම අද රෙසිග්නේශන් එක හම්බෙනවා....උද්ගෝශන තියන්න...නටන්න හැදුවොත් ඒවටත් එක්ක බඩු පැකට් කරපු මගෙ මිනිහා පාට පාට ලියුම් කවර අස්සට රෙසිග්නේශන් එක දාලා මදිවට රස කැවිල්ලකුත් රිංගලා තිබ්බා.......!!

මිනිස්සු එනවා.....රත්තරන් පීත්ත පටි ගැටහපු සුදු රෙදි එලාපු පුටු එක දෙක එක දෙක පිරි පිරි යනකොට අම්මා ජීවත් උන කාලෙ ඉදම්ම කරගන ගිය ගංගාධරි රංගායතනෙ කෙල්ලො උන්ගෙ දිලිසෙන සාරි ඇදන් වත්සුනු උලාගෙන එහා මෙහා දුව දුව නටන්න ලෑස්ති වෙනවා.....

මිනිස්සු එනවා...ඒක හරි...ඒත් මොන තරම් මිනිස්සු ආවත් ඕනම කරන දෙතුන් දෙනා තවමත් මග වෙද්දි ළමයි දෙන්නව වඩාගන උන්න මාත් ධීරුත් වේදිනි වෙනුවට "පල්ලවී" නම අරක්ගත්තු ගංගු අම්මගෙ අනූරූපෙත් ඇතුලට ආවා..........

🔱SINGAM🔱Where stories live. Discover now