46⁉️️

3.7K 730 693
                                    

_______________flashback ______________

අ...අප්පා...........හ්.............

මං කෑ ගැහුවා.....නිකන් නෙවෙ ..යටි ගිරියෙන් කෑගැහුවා .....කාගෙ ගාවට දුවන්නද ..... බයවෙච්ච පාරට යටි ගිරියෙන් අඩන චූටියා ගාවටද..... ඇවිදගන්න බැරි බිම බඩගාන පොඩී ගාවටද.....අප්පා ගාවටද....මුරුගා ..මට කියපන් මං කාගාවටද දුවන්න ඕන......

කුඩම්මා එක පැත්තක............මේතාක් කාලෙකට මූන නොදැක්ක උනත් අමුතු සාම්බ්‍රානි සුවද ආව මිනිහා තව තැනක.............

මුට්ට කරගහන්න ගිහින් ලොරියෙන් වැටිලා අතක් කඩාගන උන්න අප්පා උන්නෙ බිම වැටීගන....

යෙන්නඩා යෙන්නඩා මුරුගා යෙන්නඩා..........කවුරුත් උදව්වට එන්නෙ නැත්තෙ යෙන්නඩා........මගෙ ගේ ඇතුල ලේ විමානයක් වෙලා ඒත් ඇයි මුරුගා උඹ පිහිටට එන්නෙ නැත්තෙ ඇයි කියපන්......උඹට දෙන තැටියෙ බර අඩු උනාද මුරුගා ...කියපන්............උඹට අපේ හදුන් කූරු වල සුවද මදි උනාද මුරුගා.........රාවනාට වගෙ අත් දහයක් දුන්න මගෙ අප්පව අසරන කරන්නෙ ඇයි මුරුගා.......

මං ඇඩුවා....කෑගැහුවා ...අත කඩාගන ඇග තලාගන තැලුම් වේදනාවට සහලවල උන අරන් උන්න අප්පට ඔට්ටු වෙන්න බැරි උනත් අපි හැමෝවම දාලා යන්න හදන අම්මව නවත්තගන්න හදන අප්පට හම්බුනෙ උන දෙපිටින් යන පාරවල් වෙනකොට මං කෑ ගැහුවා....ගහන්ඩ එපා ගගා අප්පව වහගත්තා.......අප්පව වහගත්තු මගෙ පිටට වැදුන පාරවල් වලට මගෙ පපු කැහුතු කටින් එලි පනින්න ආවා........

අනෙ මන් විලාප තිබ්බා මුරුගා...මුලු දේව මන්ඩලේටම ඇහෙන්න බෙරිහන් දුන්නා.......

ඒත් කවුරුත් නෑ...මුරුගා අපි දිහා බැලුවෙ වත් නෑ.......

ගුටි කාපු මං උදව් ඉල්ල ඉල්ල එලියට දුවන්න ගත්තා ඒත් වැඩක් නෑ....තේරුමක් නෑ.....ඒ මිනිහා ඇවිදින් තියෙන්නෙ දෙමල්ලු රෑනක් එක්ක....කැති මන්න අතෙ තියාගන උන්න කලු දෙමල්ලු මගෙ ලෑලි ගෙදරම වට කරලා තහනම් කලාපයක් කරලා තියනකොට උදව් ඉල්ලන්න එලියට බැහැපු මට වැදුන පයින් පාරත් එක්ක මාව ආපිට ගේ අස්සට වීසි උනා....

🔱SINGAM🔱Where stories live. Discover now