07🎶

4.3K 886 720
                                    

මං බැදන් උන්න බෝ එකත් බුරුල් කරගන අත්දිග සුදු ශර්ට් එකෙ අතුත් වැලමිටට නවාගන බෙල්ල ගාවට වෙනකන් දාගන උන්න බොත්තමුත් දෙකතුනක් ගලවන් සාරි ගප්පියා උන්න ටේබල් එකට ගියා....

මිනිහා මොනවත් ඕඩර් කරලා වත් නෑ.......බලමුකො....

මිස්ටර් මින්දද.....

මන් ගිහින් කතා කෙරුවා....ධනන්ජන්ගෙ කතාව ඇත්ත මූ ඇවිත් තියෙන්නෙ ඩිස්කො නටන්න....ගේ බාර් එකක් කියලා හිතුවද දන්නෙ නෑ.....කොකා කෝල ටයිප් කලිසමකට ඇගටම ඇලුන හයි නෙක් ටීශර්ට් එකක් ඇදන් මදිවට බෙල්ලට මොන මගුලක්ද මන්දා ගැටගහන් උන්න එකා මගෙ දිහාව ඇස් කොන් වලින් බලලා මං උගෙ දිහාවට දික් කරන් උන්න අත දිහා බලන් මහ නෝක්කාඩු බැල්මක් එක්ක සමච්චල් හිනාවක් දැම්මා.......

මින්දද චන්ද්‍රවර්ම ....

මේකා මගෙ අතට අත දුන්නා...හැබැයි නිකන් නෙවෙ උගෙ නමට මගෙ මිනිහගෙ සර් නේම් එකත් එකතු කරන් වගේම මගෙ අත ඇල්ලුවෙ බලු බෙට්ටක් ඩස්ට් පෑන් එකකින් ගත්තත් ඩස්ට් පෑන් එක ඇගලි දෙකකින් අල්න්නා හා සමානව

ඕකෙ බොසා...උඹ එහෙම නම්...උඹ තරන් පච වෙන එකෙක් මේ ලංකාවෙ කොනක වත් නැතියව යාවි.......

මිස්ටර් මින්දද චන්ද්‍රවර්ම ...මං මන්සද ධීර් ච්න්ද්‍රවර්ම....මොකද කසාදෙන් පස්සෙ හස්බන්ඩ් ගෙ නමයි සර් නේම් එකයි දෙකම එනවනෙ ........ඒත් මං කැමති මන්සඳ මනමේන්ද්‍රන් චන්ද්‍රවර්ම කියනවට.....කමක් නෑ ඔයාගෙ පහසුවට ඕන එකක්.....

හහ්...මන්සඳ .....

මූ හිනා උනා...ආයමත් නක්කල් හිනාවක්..........හැබැයි මම මගෙ නම පිටිපස්සට ධීර්ගෙ නම එකතු කරගන්නකොට ඒකගෙ මූන අගුරු පාට උනා....

නියෝන් එලි එහෙ යනවා මෙහෙ යනවා.....ඇහෙන නෑහෙන ගානට දාලා තිබුන under the influence එකේ තාලෙට කෙල්ලො කොල්ලො තුරුලු වෙලා ස්ලෝමෝශන් නටන ගමන් අතෙ තියන වීදුරුවලින් මත් වතුර උගුරක් රහ කරනකොට මං අපෙ හිස් වෙච්ච ටේබල් එක දිහා බැලුවා.....

🔱SINGAM🔱Where stories live. Discover now