17🎶

4.9K 834 957
                                    

ධීර් මට ගැහුවා ..නිකන් නෙවෙ බල්ලට ගල් ගහනව වගෙ මට සෙරෙප්පුව වීසි කරලම ගැහුවා....

ඇත්ත මට අමතක උන මගෙ මිනිහා හැලි දෙමලා කියලා....හරකට වැදගත්තු ගමන් කියලා........

ධීර් රවනවා..පාවි...පාවි ගගා බැනපු මිනිහා අනිත් පාර මං අහගන මුරුගා මුරුගා ගගා ජප කරනවා...සමාව ගන්නව ඇති...අමොර් අමොර් බැතිමතා මූට මං හරක් මස් ඉල්ලුවම තමා ආවෙස වෙන්නෙ දෙකක් රන් කරනකොට මුරුගා ආශිර්වාද කරනවා ඇති තව රන් කරපන් තව රන් කරපන් කියලා....

ඇදේ ඉදගන කටත් ඔහෙක් කරන් මූනත් මෙහෙක් කරන් උන්න මං  ධීර් දිහා බලාගන උන්නා..දෙයියන්ට රහස් කියපු එයා අවසානෙදි මගෙ දිහා බලලා එලියට යන්ඩ ගියා...
සෙරෙප්පුවෙන් ගහලා බේරුනා ඇති......

දැන් එතකොට මට කන්ඩ???.යකො ගුටි කාලා මදිවට මට ඉන්ඩ වෙන්නෙ බඩගින්නෙද........අද එක් වරුද??නෝම්බිද....??නොනගතේද??

මටනම් බෑ මුරුගා...මට නම් බෑ......බඩගිනී....මං මේ ගුටි පූජාව වලදන්නෙ කීයෙ ඉදන්ද....?ඩේ...නෙරුප්පුඩා....හ්!

ඩේ....ධීරා................හ්හ්හ්.......

මගෙ නම මන්ද්‍ර උනාට මං ස්වරස්තාන කඩාගන යන්ඩ කෑ ගැහුවා ...

යෙන්න  ඩා යෙන්න....මොකද ඕයි නහින්නෙ මං මෙතන පොඩ්ඩක් ඉන්නවා කෝල් එකක.....

කා එක්ක....?

මුත්තු එක්ක....

සත්‍යමා??මුත්තුමද කුට්ටි...තමුසෙ පොයි කියනව නේද.....

ම්න් ..සත්‍යම් ඕයි....පොයි කියලා මං තමුසෙගෙන් මොනවා ගන්නද......තමුසෙ එලු මස් කනවද??

ගත්තුවා මදිද....තමුසෙ මාව රවට්ටන් ගිහින් පතිවත කැඩුවා...ඒ මදිද.....ඇයි යකො.... එලුමස් ...එව්ව්.....එලු මස් එපා....වේන්ඩා...!

මිනිහගෙ මූන අලු පාට උනා...මගෙන් මොනා ගන්නද අහපු වටදෙමලට අමතර වැඩ කරන්ඩ යනවා කියලා අප්පච්චිගෙ කනින් රිංගලා ඒකා එක්ක රූම් එකක රිංගපු දා මගෙ පතිවත නැති උන එක ගැන කිව්වා විතරයි  පාට්ටිගෙ දෙමල කුකුල් පැටියගෙ මූන අලු උනා.....

එලුමස් ගැන ඇහුව මං මගෙ මූන ඇබුල් කරගත්තා.....ඌරුමස් ගිල්ලත් කුකුල් මස් ගිල්ලත් හරක් මස් ගිල්ලත් එලු මස් දිහා ඇහැක් අරලා නොබලන මං මගෙඋරහිස් ඇකිලුවා........

🔱SINGAM🔱Where stories live. Discover now