25🎶

4K 742 849
                                    

කෝච්චිය යන්න යනවා ...මුත්තුවා යේක නෙගපිය නෙගපිය ගගා කෑ ගහනවා

ඒත් ධීර් නෙවෙ මට කෑ ගැහුවෙ.....නැගපන් ගගා මැරෙන්ඩ හැදුවෙ......මං බලාගන ධීර් විතරක් නෙවෙ කෝච්චි වහල උඩ තවත් එවුන් ලියාපදිංචි වෙලා උන්නා....එකම දිගට හූ තියන දෙමල කෝච්චිය තල් අරනට යන්ඩ  ඇගේම තියන හයියත් එක්ක දුවන්න ලෑස්ති වෙනවා එක්කම මං එන්ජින් එකට  කලින් තියන පෙට්ටියට එල්ලුනා....

දැන් ධීර් උඩ මං බිම......ඒත් එයා නෙවෙ අම්මු උඩට වරෙන් කිව්වෙ......එහෙම කියලා මමත් නෙවෙ ධීරා පහලට වරෙන් කිව්වෙ ....

ධීර්ගෙත් මගෙත් අතර තිබුනෙ ඇස්වලින් කෙරෙන කතා බහක් විතරක් වෙනකොටත් බුලට් නැති පිස්ටල් එක දිහා බලපු ධීර් මගෙ දිහා බලලා ඇස් හීනි කරගන්නවා එක්ක මං කෝච්චි පෙට්ටිය ඇතුලට ගියා....

.උඹට මාව බදින්න ඕනමයි....ඕනමයි .....ඕනමයි ගගා පරසක්වල ගැහුවෙ මේකයි එහෙනම් ...නල්ලම් ....

බොශා......

මං උන්නෙ ඉදගන්න ඉඩක් නැතුව හිටගන....ඒත් මරදානෙ එවුන්ට පුලුවන් උනා නැති ඉඩ මවලා හරි මට ඉදගන්න ඉඩක්  දෙන්න ...වෙයිට්ටියෙ කොනකින් උස්සන් උන්න මං ගිහින් උන් මැදින් ඉදගත්තා    ...ඉදගන කකුලක් පිට කකුලක් දාගත්තා ......

දුම්කොළ සුවදයි ......දෙමල සාම්බ්‍රානි සුවද එක්ක දුම්කොළ සුවදයි ....මං මගෙ ඇගිලි දෙක විතරයි උන්ගෙ පැත්තට දික් කෙරුවෙ  ...එකෙක් මගෙ ඇගිලි පුරුක් අස්සට මහත සුරුට්ටුවක් හිරකරනකොට මං මගෙ අතෙ ගුලි කරන් උන්න උන්ඩ ටික දිහා බලාගන ඉදලා හිනා උනා......

නල්ලම්....රොම්බ නල්ලම් ධීර් මනමේන්ද්‍රන් චන්ද්‍රවර්ම ....රොම්බ නල්ලම් සරි!

.උඹට මුඩුකුවෙන්ම මාව ඕන උනෙ උඹගෙ අප්ප එක්ක ගියපු ගෑනිගෙ පුතා මං හන්දා.....සරි.....

උඹට මාව ඕන උනෙ අම්මගෙ පලිය මගෙන් ගන්න ...ඒකත් සරි......ම්ම්ම්......ම්ම්...නල්ලම්....නල්ලම්...රොම්බ ශන්තෝශම්.....

මෙච්චර මේ මිනිස්සු ඉන්න රටෙ උඹ මාවම උඹගෙ මනමාලයා කරගත්තෙ වෙන මොකටවත් නෙවෙ උඹගෙ අම්මට උඹ මොනතරම් ආදරෙයි ද කියලා  මගෙ ඔලුවට පුරවලා...පුරවලා....අවසානෙදි උඹගෙ අම්මගෙ මිනිමරුවා මගෙ අප්පච්චි බැදපු ගෑනි කියලා කිව්ව ගමන් මාව අන්තෙටම කඩලා දාන්න.......

🔱SINGAM🔱Where stories live. Discover now