14🎶

4.5K 909 782
                                    

දෙමල සුවදයි ....හදුන්කූරු සුවදයි.....සාම්බ්‍රානි සුවදයි....ඒ විතරක් නෙවෙ ගෑනුන්ගෙ ඔලුවල තිබුන මල් වැල් වලින් ආව ගැටපිච්ච සුවදයි....!!

සුවද විමානයයි.......... හුස්මක් කටක් ගන්න බැරි...එහාටත් හැරෙන්න බැරි මෙහාටත් හැරෙන්න බැරි ඉඩක සුවද විමානයයි......

ගඩ්ඩ විකුනන්න ගියපු එක පාට්ටිට මාට්ටු උන මම පිට මැදට ඩෑස් එකක් කාගන උනත් පාට්ටි ගාව ඉදගන උන්නා......

කන්කරච්චලෙ එමටයි....ගෑනුන් ගෙ අත්වල වලලු විමානයයි.........උන් හිනා වෙනකොට කන් කැක්කුමෙ බැරි තරමයි...........ඇරත් දත් නැති උන් ඒ හිඩැස් පුරවන් තිබුනෙම තනිකරම රත්තරන් දත්වලින් වෙනකොට මට මගෙ දෙමලව මතක් උනා.....දෙමලාගෙ දත නම් වයසට නෙවෙ ගැලවිලා තිබුනෙ අප්පා එක්ක වලියක් ගිහින් මගෙ මිනිහව උඩ තට්ටුවෙ ඉදලා බිමට වැටිලා වැඩේ කියන්නෙ පොලවට රිදිලා මිසක් මේකට මොකුත් වෙලා නෑ.........

රදනක දත් විතරක් හෙලවි හෙලවි තිබුලා මේකා ඒක උගුල්ලලා රත්තරන් දතක් දාගන........

අප්පච්චි කුසියට යනවා එනවා...අනේ අප්පච්චි ට මේ ඔක්කොම තනියෙම්ම කරගන්න බැරි හන්දා චූටියත් හිස් වීදුරු උස්සන් කුසියටයි සාල කෑල්ලටයි එහා මෙහා දුවන කොට කාගෙත් බෑනා උන මාව දෙමල පරම්පරාව මී කතුරට අහුකරගන මගෙ රූපෙ වර්නනා කරන්න ගත්තා...









යේක බේනගෙ හිනාව තමා ලශ්ශනම කියයි.....යේක බේනගෙ ඇශ් තමා ලශ්ශනම කියයි....යකො ගඩ්ඩ විකුනන්න ගියාට මුනුබුරයි ආච්චි මාව මරාගන කන්න හැදුවට මොකද මුන් තනිකරම අවයව ජාවාරම් කාරයො වගේ......ඊටත් මට දැන් හිනා වෙලා හති......අම්මා නෙති උනාට අප්පා මූලාව හොදට තමා හදලා තියනවා කියයි...අපිලගෙ කුට්ටිව මුරුගා බැලුවා කියනවා...

ඔව්...ඔව්...උඹලගෙ කුට්ටිව මුරුගා කොච්චර අගේට බලලා තියනවද කියනවා නම්.මූට කතරගම දෙයියන්ගෙ පට්ටමත් දීලා තව එකක් රන් කරපන් කියලා ...ඇයි යකො.....

යේක...බේනා......

ආමා....නැන්දා....

දෙන්....බේනා ජොබ් ඒම කරනවා.......

මං ඔලුව හෙල්ලුවා..ආය මට මේ මෙතන රගන්න දෙයක් නෑ.....මුඩුක්කුවෙ ඉදන් මං කටාර් එයාවේස් එකේ කැබින් කෲ කරනවා කියන්නද....දවස් දෙකයි තුනයි ගුනසිංහපුර පුරෙ බස් එකක අර කඩචෝරු විකුනන්න ගියේ......පෙප්‍රමීට් එකක් බෝල කඩ්ල එකක් චුයින්ගම් එකක් තිබහට කූල් වතුර එකක් කඩ්ල..කඩ්ලේ......හ්...ගෑවා.......බස් එක ඇද්දුවා...මං හොම්බෙන් ගියා.......ඉතින් බස් එකක ඕක අරන් යන්න බැරි මම කොහොමද එයාර්ලයින් එකක කැබින් කෲ කෙනෙක් කියල වත් පචයක් අරින්නෙ....

🔱SINGAM🔱Where stories live. Discover now