33‼️

3.8K 777 1.2K
                                    

විශ්වා............

මගෙ ඇස් තෙත් උනා......අනුන්ගෙ සර්වාංගයක් කුලියට අරගන මගෙ පුතාව බදාගත්තු පලවෙනි තත්පරේම අප්පා උන මගෙ පපුව ගැලවෙන්න ආවා........මගෙ පස්ස පාරෙ ආව කොලු පැටියා........හුගක් ලොකු වෙලා....අත පය හයිය වෙලා.......අම්මගෙ ඇස් දෙකමයි.....අම්මගෙ හිනාවමයි....අප්පගෙන් කියලා ගිහින් තියෙන්නෙ උස විතරක් වෙද්දි මං මගෙ ඉස්සරහා උන්න මගෙ පුතාගෙ මූන මගෙ අත් දෙකෙම්ම අල්ලගත්තා...

මුරුගා.....මන් උගෙ අප්පා....

රැවුල වැවිලා....ඉලන්දාරියෙක් වෙලා.....සිනිදුවට තිබුන මූන දැන් හුගක් වෙනස් වෙලා...අප්පට බැරි උනා උඹ ලොකු වෙන් හැටි බලන් ඉන්න......අප්පට බැරි උනා තවත් උඹට උගන්නන්න......අප්පට බැරි උනා අම්මව බේරගන්න......

මට කියපන්.....උඹගෙ ඇස් ඉස්සරහා අප්පගෙ බෙල්ල වීසි වෙනකොට හුගක් දුක හිතුනද...නැත්තන් හුස්ම හිරවෙන තරමට බය හිතුනද.......

දන්නවද විශ්වා....එදා අප්පට බය හිතුනෙ  මැරෙන්න නෙවෙ අම්මත් නැතුව අප්පත් නැතුව උඹව කවුරු බලාගනීද කියන එකට.......

සර්වාංගෙ අනුන්ගෙ උනත් මුරුගා මේ හැගීම් සීයට දාහක් මගෙ වෙනකොට   කදුලු කැට තනිකරම අසිනිවැහි හා සමාන උනා.............මමවත් නොහිතන වෙලාවක මගෙ බෙල්ල ගහලා ගියා.......කොච්චර රකින්න හැදුවත් දෙයියො මට දීලා තිබුනෙ දිව්‍ය විමානෙ මලක් වෙනකොට මගෙ ඇස් පනා පිටම අලුගෝසුවෙක් ඇවිදින් ඒ මල උදුරගත්තා.........මගෙ පැටියා තනි උනා.....

වාසු.....

මන්ද්‍ර........මන්ද්‍ර යෙන්න මේ අඩනවා.........

ඩේ අම්මු....තමුසෙට මොකක්ද අයිසෙ මේ වෙලා තියෙන්නෙ.....ආ...පෛත්තියන්ද උඹට උඹගෙ මිනිහා ඉස්සරහ වෙන උන්ව තුරුල් කරන් අඩන්නෙ..ආ......

මං අහගන ධීර් කෑ ගහනවා.....මගෙ පුතාට තේරුමක් නෑ...තේරුමක් නෑ කියන්නෙ ශරීරකූඩුවෙ අයිතිකාරයගෙ හදිසි විපරියාස එක්ක පුතාට තේරුමක් නැතිව යෙන්න මේ අඩනව ගගා මන්ද්‍රව පරක් කෙරුවත් අප්පා උන මම මගෙ පුතාගෙ පොඩි වචනෙන් පවා සැනසීමක් හෙව්වා.......

🔱SINGAM🔱Where stories live. Discover now