32‼️

3.8K 784 1.3K
                                    

.........සේදුපති......

යෙන්න බොශා.......

බලපන්  කීයක් ඉන්නවද කියලා....

ඩෙ අප්පා...යේක අයියා ඔක්කොටම ගෝවා පරාට හදන්ද යනවා........

ඉල්ලෙ.........

එහෙනම්.....යේක බලන්ඩ කිව්වා...

ගෝවා පරාටා හදන්නෙ දෙන්නටයි අනිත් උන්ට ඕන දෙයක් උන් හදාගන කයි....මොකද මං උන්ගෙ වැඩකරයා නෙවෙනෙ......ගෑනුන්ට අතපය තියනවනෙ......ගිහින් බලපන් කනවා වෙනුවට බඩගින්නෙ ඉන්න වෙන කීයක් ඉන්නවද කියලා......මං ධීර්ගෙ මිනිහා.....ඒක ඇත්ත...ඒ කියලා ළඳක් නෙවෙ...කුස්සි අම්මත් නෙවෙ.....මුට්ටි පාරෙම්ම උඹට තේරුම් ගන්න පුලුවන් නෙ......මගෙ රූපෙ කියන්නෙ  මාව කවර් කරගන්න දාපු සිවියක් විතරයි.........

මන් උන්නෙ කුසිය අස්සෙ...........දීර්ගෙ පාට්ටිට කාලි ආවේස වෙලා...උදේ ඉදම්ම මගෙ අතින් මැරුම් කාපු එකාව හොයනවා.....මගෙ හිත තලාපු ධීර් මොකුත් නොදන්න එකා වගේ ඉන්නවා....... පාට්ටි එක්කම ඌට බනිනව....ආදරෙ ඉල්ලෙ කිව්වට  මගෙ මිනිහා තමයි මැරුවෙ කියලා පාවා දෙන්නෙත් නෑ.......උඹ ඉතින් කොහොමත් නලුවනෙ.....උඹට දෙන්න සම්මාන හදන්න ඕන.....

හිතෙ ආවේගෙ පොර පිට්ටනියට දාපු කුලප්පු උන බයිසන් හරකා  වගේ වෙනකොට රතු කොඩිය වනන්තල් කලින්  ඌ ආවෙස වෙද්දි මං අතට ගත්තු ගෝවා ගෙඩියට මන්න පාරක් ගැහුවා...ගහපු ගැහිල්ල කොහොමද කියනව නම් කට්න් බෝර්ඩ් එකත් දෙකට මැදින්ම කැඩිලා ගියා.......එක බාගයක් බිමට වැටිලා ගෝවා කොල සීසිකඩ ගියා..අනික සින්ක් එකට වැටුනා....

උඹ තවමත් කියන්නෙ...තවමත් කියන්නෙ මට කරන්නෙ බොරුවක් කියලද....උඹගෙ ආදරෙ බොරුවක් කියලද.........ඔය තරම්ම රගපාන්නෙ මොකටද ධීර්......??

මගෙ ඇස් ආයමත් ලාවට තෙත් වෙන්න ගත්තා....මං හිතන්නෙ මන්සදව මං වලලා තියෙන්නෙ අඩි පහකටත් වඩා අඩු ගැඹුරකින්ද කොහෙද...නැත්තන් කොහොමද මේ තරම් ඉක්මනට මැරුන  හැගීම් වල ඕජස් ඉහලට ගහන්නෙ.........

ධීර්....ධීර්......

මං දත් මිටිකාගත්තා......වේදනාවට පපුවම ඇදුම් කනවා...ඒත් මට තිබුනෙ මහ මදාවි ඇස් දෙකක්....අඩන්න ඕනා උනත් මගෙ ඇස් වල කදුලු නාලිකා ස්ට්‍රයික් කරන්න ගත්තා..........හරියටම උගුර මැදම මස් කට්ටක් හිර වෙලා වගෙ...

🔱SINGAM🔱Where stories live. Discover now