23🎶

4K 751 947
                                    

ඩේ අම්මු......යෙන්න මා මේ තරහා වෙලා......

මන් උන්නෙ ධීර්ගෙන් යාරයක් විතර ඈතට වෙලා....ලගට එනවා තුරුල් වෙනවා කියලා කටින් නොකියපු ධීර් කරපු එකම දේ නම් එයාගෙ අත දිහෑරලා මගෙ දිහා බලපු එක විතරක් වෙනකොට මං කෙරුවෙ අනිත් පැත්ත හැරිලා නිදාගත්තු එක...........

..ධීර් ඇත්තටම මං ගැන දන්නවා ඇතිද......??

මිනිහා පරවි ගන්ඩ ගියෙ එහෙනම් මං ගැන නොදැන නෙවෙ වෙන්ඩත් පුලුවන් කියලා මට මිනිහා ගැන සැක හිතන්ඩ බැරි කමකුත් නෑ.......

අනික මට වාසුගෙ වචන නිකම්ම නිකන් අහක දාන්නත් බෑ.........

මට උඹව සීයට පනහක් සැක කරලා සීයට පනහක් විශ්වාස කරන්න වෙනවා ධීර්........

මමත් හොද මිනිහෙක් නෙවෙ.....මමත් උඹගෙන් හන්ගනවා...හැබැයි මං උඹට ලන් උනෙ අවංකවම........ඒකයි මෙතන තියන අවුල..........

නිකමට හරි උඹ මගෙ ආදරේ නිකරුනෙ වියදම් කරලා තිබුනොත්...මං කියන මනුස්සයට පුලුවන් ආය ආදරෙ කියන දේ අදුනන්නෙ නැති විදිහට ජීවත් වෙන්න.......

ධීර් ඇත්තටම මං උඹගෙ ඇමක්ද......???

ඒක එහෙමද..........ඒක ඇත්තටම එහෙමමයිද.....?

....හේතුව.......

මට හේතුවක් ඕන.......අදරේට හේතු කාරනා නැති උනාට වෛරෙකට හේතු කාරනා ඕනමයි ධීර්.......මම උඹගෙ ඇමක් නම්......මොකක්ද හේතුව..........

උඹ මාව පිස්සෙක් කරන්න හදන්නෙ ධීර්.........

අම්මූ......යෙන්න මා.........එනවකො ....ඇයි මේ.....

මං කොට්ටෙ මිරිකගත්තා......මං උන්නෙ වාසුගෙ වචන උඩ එහා මෙහා යන ගමන් වෙනකොට මෙච්චර වෙලාම මට ලගට කතා කර කර උන්න ධීර්හෙ අර බර අත මගෙ බඩහරහා වැටුනා වගේම එයාගෙ  ඝන රැවුල ඇවිදින්  මගෙ බෙල්ල පිටිපස්සෙ තියන සංවේදී නාල පිරිමදින්න ගත්තා.......

සුවදයි.....තරහවෙ උපරිමේ ඉන්න වෙලාවක ගදයි කියලා බෙරිහන් දෙන මම සමහර තැන්වලදි මගෙ වචන මාරු කෙරුවා..........ඇට නැති  දිව වෙලාවකට මටම වංචා කෙරුවා ......

වෙයිට්ටිය විතරක් පටලවන් උන්න මගෙ පිට හරහා ෆූජියෙන්  කාන්දු උන  ලාව කදක් ගලනවා.........

🔱SINGAM🔱Where stories live. Discover now