30‼️

4.3K 764 635
                                    

ඩේ මන්සද....තමුසෙ මොකක්ද අයිසෙ ඒ කෙරුව නායි වැඩෙ බලනවා පාට්ටිගෙ ඔලුවත් පැලුවා........


හ්ම්.......තමුසෙට ඔලුව පැලුන එකටද දැන් දුක........ධීර් ලීලා බන්සාල් චන්ද්‍රවර්ම මෙන්න මේක අහගන්නවා......ඔලුවක් පැලුනම මැහුමයි දෙකයි වැඩෙ ඉවරයි....ඒත් තමුසෙ මට හිතකට මැහුම් ගහන්ඩ පුලුවන්ද කියලා මට කියනවා.....අනික තමුසෙට පේනවනෙ මට වෙරි....නිකන් නෙවෙ ගූ වෙරි.........මේ බලනවා...එක පේන්නෙත් දෙක වෙලා.........


මං හිනා උනා....හාල් මුට්ටි පාර කාපු පාට්ටිගෙ නලල පෙගීගන ලේ පාරක් යනකොට ගෙට ඇතුල් වෙනකොටම චන්ද්‍රවර්ම ලේ හොලවපු මං ධීර් දිහා බලාගන ලාවට හුරුවමක් බාලා අර රතුපාට කුකුල් සායම් ද මොනාද මගුලක් කලවම් කරපු තැටිය උඩ හිටගන්නකොට ධීර් මාව කන්න වගේ බලන් උන්නා.....

උඹට රෑටත් මාව කන්න තියන එකේ...දැම්මම කන එක නවත්තපන්..මෝඩ දෙමලා...!

දැන් මොකද කරන්න තියෙන්නෙ..මේකටත් පයින් අනින්න ඕනද...


තමුසෙ හදන්නෙ බැදපු දාම මැරුම් කන්න ඕයි රා බීපු ඇතා වගේ නැතුව හරියට යනවා...ඔක්කොටම කලින් ඔය වෙයිට්ටිය පාතට දාපන් අම්මු.....මේක අපෙ කසාදෙ ඕයි අදවත් පොඩ්ඩක් ඉන්නවකො...තමුසෙ වලියකට බැහපු එකෙක් වගේ ඕයි.....

සරි....ඔන්න...වෙයිට්ටිය ලෙස්සා..දැන් තමුසෙ කියන්න මට කැට් වෝක් එකෙන් යන්න කියලනෙ..........පොඩ්ඩක් හෝව් අර හින්දි ෆිල්ම් වල වගේ බොරු ඇක්ශන් මොනවා හරි ඕනද...ඕනා නම් කියනවා....මං කරන්නම්..හැබැයි ඉතින් ඔය වටෙ ඉන්න එවුන්ට කියනවා බීට් එක දෙන්න කියලා...අර මහ ගෙදර එකෙ වගේ....දීන්..දීන්...තනන...තනන...දූම්..දූම්..
අ..ආහ්ව්.....තල්ලු කරන්නෙ නිකන් ඉදුකො


කටවහන් පල.....මගුල...අපරාදෙ මං උඹවම ඉල්ලුවෙ....


ධීර් මාව තල්ලු කෙරුවා....දෙමලා තනිකරම ක්ලේමො බෝම්බයක් වගේ....දැන් පුපුරයි...දැන් පුපුරයි වගේ ඉන්නකොට මං අර රතු වතුරට කකුල් දෙක ඔබලා බිත්තරෙ හිරකරන් ඉන්න පාත්තයා වගේ රුවිතෙට රුවිතෙට ගිහින් පාට්ටි ගාව නැවතුනා...

🔱SINGAM🔱Where stories live. Discover now