13🎶

4.3K 918 896
                                    

මං එච්චරයි කිව්වෙ....... ඉන් එහා දෙයක් කියන්න බැරි උන මට ඇඩුනා.....එයා මාව අවුස්ස අවුස්ස  කොච්චර දේවල් කිව්වත්  එයා අනිත් පැත්තෙන් මං වෙනුවෙන් මගෙ දුප්පත් පවුල වෙනුවෙන් කරන දේවල් වලට මට ඇඩුනා......

උඹ මට වෛරකරනවා කිය කිය කරනෙම  බොරුවක් මගෙ ධීර්......උඹ මට වෛර කරනවා කිය කිය කරන්නෙම බොරුව මගෙ ධීර්......

චූටියා යන්න ගියා......ධීර්ගෙ වෙයිට්ටිය පටවලන් උන්න මං එහෙන් මෙහෙන් එල්ලෙන කෑලි බෑලි උස්සන් මුඩුක්කු ඇන්ටනා මගෙ දිහා බලාගන ඉන්නකොට උන්ටත් බැන බැන කකුල් වේදනාව කොච්චර තිබුනත් නොන්ඩි කොටන්නෙත් නැතුව  මං පපුව ඉස්සරහට දාගන පල්ලම බහින්න ගත්තා....ලමයි රොත්තයි...සිංහල දෙමල මුස්ලිම් කියලා නෑ...තම්බි පැටව් හම්බ පැටව් අපෙ උන් පෝලිමයි.......උන්ට හරියටම අතපය දිගෑරලා සෙල්ලම් කරන්ඩ වත් තැනක් නෑ..එහෙන් කැලනිය අනිත් පැත්තෙන් මහපාර ...ඒත් උන් නැටුවා

අද දවසෙ මොකක්ම හරි හේතුවකට ඉස්කෝලේ නොගිය මුඩුක්කු පැටව් රොත්තයි ...උන් බට්ට පනිනවා...ටකර ගහනවා .....නැත්තන් වලන්  කටු හය හතක් හිස් සැමන් ටින් එකක් උඩ තියලා බෝලෙ විසි කර කර වලන් කටු පෙරලනවා.. ...ඒක උන්ගෙ ලෝකෙ........

උන්ගෙ කරදරේ එහෙන්...බලු කරදරේ එහෙන්  ඩබල් බනිස් වගේ ඇලුන බල්ලො එහෙන්.....උන්ට ගල්ගහන පොඩ් ඇම්බැට්ටයො එහෙන් ....

කන්ඩ නැතත් බොන්ඩ නැත්තන් රෙන්ඩ නැතත්  නොකාපු වේල් වලට හරියන්ඩ එක වේලක් හරි කන්ඩ හම්බ උනොත් ඒ වේල ආය මහින්ද මහත්තයටත් රෙද්දෙ රෙවෙන්න කන මුඩුක්කුවෙ උන්ගෙන් එක ගෙදරකට අද මොන මගුලකට හරි සරු වෙනකොට ඒ ගෙදර උන් මුලු මුඩුක්කුවම විතරක් නෙවෙ කොළඹ විසි දෙකම හෙලවෙන්න අමුක ඩුමුක අමල් දුමල් දාගන උන්නා......

.එහෙන් ඒ කරදරේ.......

මං එන්න ආවා.....ඇගෙ පලලට වඩා නූලක් දෙකක් වැඩියෙන් තියලා ගෙවල් වල පරතරෙ බෙදෙනකොට ඒ අහු මුලු අස්සෙ ඊයෙ පෙරේදා උගුරු ගැටෙ පැන්න ඉලන්දාරි දනිහ ගාවට විතර දිග  ටි ශර්ට් ඇදන් බාච්චු ඩෙනිම් ගහන් මල් ඔතනවා......

උන්ගෙ නිල ඇදුම ඕක...නැත්තන් කෙලින්ම බොටම...මේ මුඩුක්කුව කියන්නෙම තනිකරම අපායක්.....වෙඩි සද්දයක් සතියකට එක දවසක් අනිවාර්යය වෙන තැනක්...කුඩ්ඩො..කුකුල් පොර කාරයො...පරවි වෙන්දේසි දාන උන්  ගෑනු බඩු පිරිමි බඩු නැති එකෙක් නෑ.........

🔱SINGAM🔱Where stories live. Discover now