09🎶

4.6K 891 882
                                    

මලර් අම්මා....

වාසු මාතියා.....

මේ ටික කාමරේට දාන්ඩ.....

අඩේ......පාවි.....මූට රැයක් නේද ඉන්න කිව්වෙ....එක රෑකට මොකටද මෙච්චර බෑග්....මට පේන්නෙ අපෙ මිනිහට එලාර දුටු ගැමුණු යුද්දෙ වත් කරන්ඩ වෙයිද මන්දා......මූ යකො ඔලුව ටිකක් දාගන්න දුන්නම ඇගම දාගන්න බඩු ගෙන්නල්ලනෙ...

ගිහින් කාපන් කාපන් ගගා එලවපු මං ආයම හැරිලා බැලුවා...කලු පාට කාර් එක ගාව ගවනර් වැහුන වගේ උන්න වාසුවා මලර් අම්මට බෑග් දෙකක් දීලා තවත් කොලො තිහෙ සයිස් බැගේජ් දෙකකුත් එක්ක හෑන්ඩ් ලැගේජ් එකක් බිමින් තියනකොට මගෙ කටත් ඇරුනා...යේක මූ රටක ඉදලා තමා මේ සුන්දර සිරිබරිනයට වැඩලා තියනවා...

අපරාතෙ රට ටොපියක් වත් ඉල්ලගන්න තිබුනා හැබැයි....අපො නෑ..නෑ...අර චයිනා ස්ට්‍රීට් එක අස්සෙත් රටබඩු කඩයක් තිබ්බා...ඕකගෙ ටොපි සූප්පු කරන්න ගිහින් මාව අරකා උල තියනවා.......අපිට එපා ඒකගෙ ටොපි....

කොළඹ කාක්කා වගේ කට ඇරන් උන්න මං වාසුවගෙ රූ සිරිය බලන් උන්නා......

මං හිතන්නෙ.....ගප්පියට ගේමක් නෑ..කනට දෙකුයි පුකට පයින් එකකුයි දුන්නම ගප්පියා කතාවෙන් අහකට විසික් වෙනවා ..ඒත්...වාසුවා.......මූ තනිකරම ඇදුමක ඇලුන කොහොල්ලෑ ගුලියක් වගේනෙ.........

අනික මූ ලස්සන ඇයි මෙච්චර ?.....මගෙ දෙමලත් ලස්සනයි  ..හොදම දේ මුන් දෙන්නටම තියෙන්නෙ එක හිනාව.........වෙනසකට තියෙන්නෙ මගෙ දෙමලගෙ කොන්ඩෙ මුරුක්කුයි...අරකගෙ කොන්ඩෙ කලවම් කඩල වගෙ ඉත්තෑ කූරුයි......

ගප්පියගෙ කොන්ඩෙ ගැන කියන්ඩ දෙයක් නෑ....තනිකරම මුඩු බූටෑවක්..සහරා කාන්‍තාරෙ මැද අකලෙට වැවුන රට ඉදි ගහක් වගේ ඒකගෙ ඔලුව.........කටත් ඔස්කා වගේ.....මට දැවෙන ප්‍රශ්නයක් ...මේ දැනුත් ප්‍රශ්නයක් අපෙ මිනිහා මොකට ගප්පියව රන් කරනවද මන්දා.........

ඇති ලස්සනකුත්  නෑ..කටු පේත්තයෙක් වගෙ....ඒත් උ පස්සෙමයි...මූ ඉනාවක් වත් කවලදෝ....ඩේ පාවී.....එහෙම උනොත් මන් ඕකට ගහන්නෙ පොල්.....

මාව එලවපු ධීර් ආයම යනවා....යන්නෙත් නිකන් නෙවෙ...අත් දෙක පිටිපස්සට බැදගන සරමත් පිටිපස්සෙන් උස්සගන........තනිකරම මාරි වගේ...මගෙ දෙමලා මාරි නම්....වාසුවා කව්ද....තලපතාද......ඩේ  ඩෙ..තලපතාට මං එච්චර කැමති නෑ..මූ දවසක් බැන්නනෙ ලංකාව සිතියමෙන් අයින් කරන්ඩ ඕනා කියලා.....අනික ඉතින් ඔවුන් ඔය රගපාන්නෙ කාගෙ හරි ස්ක්‍රිප්ට් එකකටනෙ. ...තලපතා සෙට් නෑ....පොයිය විතරයි ...

🔱SINGAM🔱Where stories live. Discover now