10

400 80 102
                                    

"නෙත්සර්ජ උඹ කල්පනාවෙන් සුලු කරනවද නැත්තං මන් උඹට සුළු කරන හැටි උගන්නන්න ද!!!"

"දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා...තරහ ගන්න එපා ඉතින්..."

"හදපන් මේක ආයේ!!"

තෙධාෂගේ බැනුම හින්දා මූණත් අකුලාගෙන තෙධාෂට රව රව ආපහු පාරක් එයා වරද්දපු අවකලනය ගාණ හදන්න පටන් ගත්තා. සුළු කිරීම් කියන්නේ ධනුර්වට නයාට අඳු කොළ වගේ. බල්ලට හොරා වගේ.

තෙධාෂගේ private tuition session එක ඉවර වුණ ගමන් යන්තං thank you කියාගෙන ධනුර්ව පොත් ටිකත් උස්සගෙන කාමරේට රිංගුවේ ගිටාර් එක අතට ගන්න හිතාගෙන. අනික් අයගේ අවේලාව වෙලා තිබුණ ඒත් ධනුර්වගේ 'වෙලාව' වෙලා තිබුණ රෑ එකොළහට එයා එයාගේ ගිටාර් එක අතට ගත්තා.

"බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී...

නොලී කවියක් තිබිය නොහැකි ද හඳේ යම් රිදුමක් දිදී...

තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන්
පාරන මුත් ඇණි

සිඳිනු හැකි වේද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි....."

තෙධාෂත් එයාගේ පොත අරගෙන ධනුර්ව ළඟින්  වාඩි වෙලා මුකුත් නොකියාම පොත දිග ඇරියේ එයාගේ තවම නමක් වත් නොදාපු කතාව ලියන්න. පොත ලියන්න එතනට තෙධාෂ ආපු එක දැකලා ධනුර්වගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනේ මූකලන් හිවලාව ආයේ ගිටාර් එක නිසා ගෙන්න ගත්තා නේද කියලා හිතන ගමන්.

" ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමං නොකරමි...."

ඒ කොටස ධනුර්ව කියද්දි පොත ලිය ලිය හිටපු තෙධාෂ ධනුර්ව දිහා බලද්දි ධනුර්ව ඒ වෙනකොටත් තෙධාෂ දිහා බලාගෙනම හිටියේ. තත්පර කිහිපයක ඒ eye contact එක බිඳුනේ ධනුර්වගේ phone එකේ මැසේජ් එකක් ආපු සද්දෙට. ගිටාර් එක බිමින් තියපු ධනුර්ව ෆෝන් එක අරගෙන ආපු මැසේජ් එකට රිප්ලයි කරන්න පටන් ගත්තේ තෙධාෂ ආපහු තමන් ලිය ලිය හිටපු පොතට අවධානය දෙනකොට. අවධානය පොතට දුන්නා කියලා කිව්වට එයාගේ අවධානය කොහොම වත් පොතේ නම් තිබිණේ නැහැ.

විනාඩි ගාණක් ගියත් ඉවරයක් නැති ධනුර්වගේ මැසේජ් කිරිල්ල නිසාම තෙධාෂ පොතත් අරගෙන කාමරේට ගියේ යන්තමට ඔලුව උස්සලා බලපු ධනුර්ව පිච්චිලා යන තරමට බැල්මක් හෙලාගෙන.  තෙධාෂ ගියාට පස්සේ එයා හිටපු තැනට කකුල් දෙක දාගෙන හොඳට දිගාවෙලා මැසේජ් කරන්න පටන් ගත්තු ධනුර්වට දිගටම ඒක කරන්න බැරි වුණේ හදිස්සියේ එතනට ආපු එයාගේ තාත්තා නිසා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now