25

481 77 88
                                    

"අයියේ ඔයාගේ කලින් පොතේ මන් නිධාරා වගේ කියල හිතන් ඉන්න character එකෙන් ඔයා ඇත්තටම portrait කරන්න හැදුවේ කාවද?" ධනුර්ව තෙධාෂගෙන් එහෙම අහද්දී තෙධාෂ සෝෆා එකට හේත්තු වෙලා ඉස්සරහ බලාගෙන හිටපු තෙධාෂ බෙල්ල හරවල ධනුර්ව දිහා බැලුවා.

"..."

"ඔයා කැමති කෙනාද ඒ?"

"එයා මට නිකන්ම නිකන් කැමති කෙනා නෙවෙයි. ඒ මගේ හැමදේම" තෙධාෂ එහෙම කියල එතනින් නැගිටලා පහලට ගියේ ධනුර්ව ව උඩ තට්ටුවේ තනියම දාල. 'ඒ මගේ හැමදේම ' ඒ වාක්‍ය කොටස ධනුර්වගේ හදවතට තදින් ම වැදුණා පුදුම විදිහට. හරියට පිහියකින් හදවතේ කැටයමක් කොටනවා වගේ. ඒ වචන ලස්සනයි ඇත්ත. ඒත් පිහියකින් කැටයම් කපනකොට වගේ ම රිදෙනවා. තෙධාෂගේ ජිවිතේ හැමදේම වෙච්ච කෙනෙක් එයාට ඉන්නවා කියන එක දැනෙද්දී ධනුර්වට දැනුණේ එයාගේ හිත නිකන් කවුරු හරි ඇවිත් පුච්චලා දානවා වගේ කියල. ඒත් එහෙම දැනෙන්න තරම් හේතුවක් ධනුර්ව දැනගෙන හිටියේ නැහැ.

' දවසක මන් ගාව මේ ඉන්නවා වගේ තෙධාෂ අයියා ඒ කෙනාට හුඟක් ලඟින් ඉඳන් ඇස් දිහා බලන් ඉඳීවි නේද...ඒ ගැඹුරු ඇස් දෙකේ කිසි කෙනෙක් නොදක හංගන් ඉන්න හැම හැඟීමක් ම දකීවි නේද...' ධනුර්ව පහලට යන තෙධාෂ දිහා බලල සුසුමක් හෙළුවා. ඒ සුසුම හෙලන්නවත් හේතුවක් ධනුර්ව දැනන් හිටියේ නැහැ. ධනුර්ව දැනන් හිටපු එකම දේ නම් කලින් ඉස්කෝලෙදි තෙධාෂ ව දැක්කම දැනුන අමුතු හැඟීම ම ආයෙත් එයාට දැනී ගෙන එනව කියන එකම විතරයි. ඉස්කෝලේ ප්‍රතාපවත් චරිතයක් වුණ නිසා තෙධාෂ ගැන දැනුණේ ගෞරවයක් කියල හිතුවත් තවත් ඒ ගෞරවයෙන් ම තෙධාෂ දිහා තමන් බලනවද නැත්නම් දැන් අළුත් ගෞරවයක් ද නැත්නම් මුල ඉඳලම ඒක එහෙම නොවෙන හැඟීමක් ද කියල වත් ධනුර්ව තේරුම් බේරුම් කරන්න දැනන් හිටියේ නැහැ. 

ධනුර්ව සෝෆා එකෙන් නැගිටලා ගිටාර් එකත් අරන් කාමරේට ගිහින් ඒක පැත්තක තියල පොත් මේසේන් වාඩි වෙලා කල්පනා කළේ තෙධාෂ ගේ ජිවිතේ හැමදේම වෙච්ච ඒ පොතේ character එක ගැන. එක පාරටම හිතිච්ච දෙයක් නිසා ධනුර්ව ඒ තෙධාෂ ලියපු සේරම කතා පොත් ටික රාක්කෙන් අරන් මේසේ උඩින් තියලා පොත් පෙරලා පෙරලා ඒකෙ ෆීමෙල් කැරැක්ටර් වල විස්තර කොලයක ලියල ඒ කොළේ ලියපු විස්තර එකින් එකට analyze කරන්න පටන් ගත්තා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now