පහුවෙනිදා උදේම නැගිටලා තෙධාෂ එක්ක ඉස්කෝලෙට යන්න පිටත් වුණ ධනුර්ව ඉස්කෝලේට ගිහින් මුලින් ම දිව්වේ මෙව්ලිකව හොයාගන්න කියලා. ක්ලාස් රූම් එකට වෙලා ජනේලෙන් ඈත බලන් වෙනම කල්පනාවච හිටපු මෙව්ලිකගේ පිට මැද්දට දඩාං ගාලා පාරක් ගහපු ධනුර්ව මෙව්ලිකගේ එහා පැත්තෙන් ඉඳ ගත්තා.
"මොකෝ උඹ හීන දකින්නේ මේ මහ දවාලේ ආ...කාවහරි සෙට් වුණා වත් ද..." ධනුර්ව එහෙම කියද්දි මෙව්ලික හෙමිහිට රතු වෙන්න පටන් ගත්තා.
"ආව් ආව් උඹ නිකං දැන් තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ බං...හම්මෝ බලන්නකො පැණි හිනාව මුගේ.." ධනුර්ව එහෙම කියන ගමන් මෙව්ලිකගේ නිකටෙන් අල්ලලා පොඩ්ඩක් මූණ එහාට මෙහාට කෙරුවා.
"පිස්සුද බං එහෙම පයන්නක් නෑ.."
"නැති වෙන්න බෑ හැබැයි..කවුද අපේ මෙව්ලිකගේ හිත හොරකම් කරපු ප්‍රියාවී?"
"අහකට පලයං උඹ..අඩෝ මේ මන් දැක්කා ඉස්කෝලේ ඇඹරැල්ල ගහේ ගෙඩි හැදිලා තියනවා මොකෝ කියන්නේ කඩමුද ?" මෙව්ලික එහෙම ඇහුවම ධනුර්ව දඩාං ගාලා පාරක් ආයෙම මෙව්ලිකගේ පිටට ගැහුවා.
"ඕක අහන්නත් දෙයක් ද සුනඛයෝ වරෙන් යන්න.."
"උඹල මන් නැතුව ඇඹරැල්ල කන්නද කල්පනාව..ඒවා හඳේ "සතිර්ෂ එයාගේ ස්පෝට්ස් බෑග් එකත් උස්සගෙන පන්තියට ඇවිත් ඉඳගත්තම මෙව්ලිකයි ධනුර්වයි දෙන්නම ඇස් ලොකු කරන සතිර්ෂ දිහා බලන් හිටියේ අද මොන නැකතක් යෙදිලද සතිර්ෂ ඉස්කෝලෙට ආවේ කියල. බැලුවොත් ඇත්නම් ක්‍රිකට් ප්‍රැක්ටිස් කියයි, ජිම් කියයි, පන්ති යනවයි ඇරෙන්න ඉස්කෝලෙට ආවේ එහෙමත් දවසක නිසා අද ඒ එහෙමත් දවසේ විශේෂය මොකක්ද කියල ධනුර්වයි මෙව්ලිකයි එයාලගේ යන්තම් එක සෛලයක් විතරක් ඉතුරු වෙලා තිබුන මොළ දෙක පාවිච්චි කරලා කල්පනා කරලා බැලුවත් ඒ හේතුව හිතා ගන්න බැරි වුන නිසා සරල රේඛාව වෘත්තය ගාන වගේ ඒ දෙන්න ඒක අත ඇරලා දැම්මා.
"අඩෝ සතිර්ෂ තව පොඩ්ඩක් උස්සපන් බං උස මදි!!" ධනුර්ව උඩ තිබුන ගෙඩිය කඩා ගන්න උස මදි නිසා සතිර්ෂ ධනුර්ව ව ඉස්සුවා. ධනුර්වට ඒත් උස මදි කිව්ව නිසා සතිර්ෂ තවත් ධනුර්ව ව උඩට කරල ඉස්සුවාම යන්තං ධනුර්ව ගෙඩිය කඩා ගන්න සමත් වුණත් පහල ඉදන් ඔත්තු බල බල හිටපු මෙව්ලික එක පාරට කෑ ගහන්න පටන් ගත්තා.
YOU ARE READING
කටුපිටපත| KATUPITAPATHA
Romanceමේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිදුවීමක් පාදක කොට නැති බව කරුණාවෙන් සලකන්න