44

465 75 119
                                    

ඉස්කෝලේ අන්තිම දවස, chemistry ක්ලාස් එකේ අන්තිම දවසත් පහු වෙලා එළඹුනේ පිසික්ස් ක්ලාස් එකේ අන්තිම දවසයි. ඊට පස්සේ දවසේ මැත්ස් ක්ලාස් එකේ අන්තිම දවස. අන්තිම දවස කියද්දි දාලා යන්න බැරි දුකක් ලාවට මෝදු වුණත් ඊට හපන් විදිහට එක්සෑම් ලං වෙන එක ගැන බයක් හිත් වලට එනවා. උදේම රිවිශන් එක තියලා හවස පේපර් එකත් සුපුරුදු විදිහටම තියලා උපදෙස් ටිකකුත් දීලම පන්තිය ඉවර කළේ පුංචියට මියුසිකල් ෂෝ එකක් තියලා. පැය ගණන් ඩීජේ දාලා නටන ඒවා නෙමෙයි සිංදු දෙක තුනක් කියලා යන්න. මැත්ස් බයෝ ළමයෙක්ගේ විභාගේ කට ළඟට ආපු අන්තිම දවස් වල කාලේ නාස්ති කරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා ගුරුවරු හැමෝම පිලිගන්නවා. ඒ නිසාම ගොඩක් ගුරුවරු ක්ලාස් එකේ අන්තිම දවසේ පාටි දාන්නේ නැහැ. Physics  ක්ලාස් එකේ අයත් ඒ නිසා ලොකු පාටි නැතුව අන්තිම පාරට එකට බැච් එක හම්බෙන අන්තිම දවස නිසා පුංචියට මියුසිකල් එකක් ලෑස්ති කරලා තිබුණා.

"අඩේ සතීර්ශයෝ!! අපි හෙට තමා ක්ලාස් වලින් හරියටම සමුගන්නේ....උඹ මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න සොඳුර..." ධනුර්ව මියුසිකල් එක පටන් ගන්න ඉස්සරින් සතීර්ශගේ ඇඟේ එල්ලිගෙන බොරුවට හොටු පෙරන්න ගත්තා.

"අපෝ එච්චර දුර යන්න බෑ බං. ඕන්නං මේ යමින් ගමන් කුණු කාණුවකින් දාගෙන යන්නං"

"හපෝ නොදකින් උඹ...මෙව්!!" ධනුර්ව සතීර්ශව අත ඇරලා මෙව්ලිකව බදාගත්තම මෙව්ලිකත් ගැරඩියා වගේ එතුන ධනුර්ව වි අත් දෙකෙන්ම අල්ලාගත්තා. "උඹ මට ආදරෙයි නේ??" ධනුර්ව පොඩි එකෙක් වගේ ඇස් දෙකත් ටීක් බෝල වගේ කරගෙන ඇහුවම මෙව්ලිකටත් හිනා ගියේ ධනුර්වගේ කියුට් වැඩ වලට. සතීර්ශත් ධනුර්වගේ ටීක් බෝල කරන් බලන් ඉන්න ඇස් දෙක දිහා බලලා හිනා වුණේ ධනුර්වගේ ඒ කියුට් හිනාව, කියුට් වැඩ යාලුවෙක්ගෙන් එහා විදිහකට කවම කවදාකවත් දකින්න වෙන්නේ නැති බව හොඳටම දන්න නිසයි.

'නිධාරා ගැන තිබුණ පැටලුන හැඟීම අයින් වුණත් ඒ තාමත් මම නෙවෙයි නේද ධනුර්ව?? කමක් නෑ ඔයාගේ හදවත මන් වෙනුවෙන් ගැහුනේ නැතුවට...මම හැමදාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා....'

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now