01

2.3K 166 138
                                    

"අන්න උඹේ කතා ලියන නිලමේ අයියා තවත් අලුත් නවකතාවක් out කරලා "

"අඩෝ සිරාවට?? මේ බං මොකද කියන්නේ අද හවස ක්ලාසුත් නැති එකේ යමුද බුක් ෆෙයාර්?"

තම මිතුරාගේ කෑ ගැසිල්ලට පන්තියට වෙලා අවකලනය කරමින් සිටි තරමක් උස සුදුත් නොවන කලුත් නොවන වූ තල එලළු සමක් තිබුණු පිරිමි ළමයෙක් හිස ඔසවා බැලුවේ ය. අලු පැහැ දෙනෙත් සහ දිගු ඇසිපිය හිමි ව තිබූ  ඔහු නමින් ධනුර්ව නෙත්සර්ජ විරාජසිංහ විය. 

"ඒ විතරක් නෙවේ එයාව කොළඹ කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්ජිනියරින් කොළඹ නවතිනවලු.." ධනුර්වගේ මිතුරා වූ මෙව්ලික තේජාස්වර  ගේ එම වාක්‍යයට ඔහු නැගිට්ටවුණේ පුටු මේස පෙරලන්. හද හද හිටපු අවකලන ගාන 'සුභ ගමනක්' පතමින් ඉගිල ගිය අතර පෑන් පැන්සල් ඉස්සරහ එකාගේ කකුල් අස්සට විසි වුණා.

"ඕයි!! මරුනේ!! උඔ නං දෙයියෙක් බං" කියපු ධනුර්ව මෙව්ලික ගේ කම්මුල වැරෙන් අල්ලලා හාදුවක් දුන්නා. ඒ හදිසියේ හම්බවුණ හාදු පාරේ සැරට මූණ තදටම අතුල්ලලා පිහිදාන්න මෙව්ලිකට සිද්ධ වුණත් තම මිතුරු පරාණය වෙනුවෙන් ප්‍රාණ පරාණය වුණත් දෙන්න මේව්ලික ලෑස්ති පිට හිටියා. ඒ අනුව ධනුර්ව එක්ක හවසට බුක් ෆෙයාර් එකට යන්න කැමැත්ත පල කලත් ඉතින් මිතුරු ස්වභාවය කියන එක නොවෙනස් වන හින්දා මෙව්ලික ට කෑම අල්ලසක් දෙන්නත් ධනුර්ව ට සිද්ධ වුණා.

"සිරාවට අහන්නේ උඹ මොකටද බං උගේ පොත් වලට ඔච්චර ආස?" ධනුර්වගෙන් ලැබුණ අල්ලසේ තිබ්බ තඩි මාලු පාන් ගෙඩියක් එහෙම්ම ම කටේ ඔබා ගන්න ගමන් මෙව්ලික ඇහුවා.

"උඹට තේරෙන්නේ නෑ බං! එයා ලියන හැම වචනයකම හිතාගන්න බැරි මොකක්දෝ හැඟීමක් තියෙනවා. ඒ හැඟීම නිසාමද මන්දා එයාගේ පොත් කියවන හැම පාරකම මට දැනෙන්නේ හරියට රෝස නටුවක් පපුවට හයියෙන් තද කරන් ඉන්නවා වගේ"  ඒ හැම වචනයක්ම ධනුර්ව කිව්වේ හිතට එකඟව . ඒ තමයි එයාගේ ඇත්ත ම හැඟීම.

"අනේ උඹට පිස්සු බං!" මෙව්ලික තවත් මාලු පාන් ගෙඩියක් කටේ ඔබා ගන්න අතරේ කිව්වා. ඒකට ධනුර්ව යන්තං හිනා වෙලා ඉස්කෝලේ කැන්ටිමෙන් එලිය බලා ගත්තා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now