42

477 67 102
                                    

"සුභ උදෑසනක් මගේ අලු මොණරෝ!!" මෙව්ලික සුපුරුදු පරිදි පිටට දඩාං ගාලා පාරක් ගැහුවේ සෙයිලින් පෙන් එකේ ගේට් එක ළඟම. සතිර්ශත් මෙව්ලික එක්කම ඇවිත් හිටියා.

"පගෝ මන් මැරෙනවා වෙලාවක උඹ ගහන ඒවට!!"

"ආ හරි හු%@$ක් නේ!! එහෙම ඉතින් ගහනකොට මැරෙන්නෑ"  හරිනේ..ආයෙම වෙන ජරාවක් තමයි.

"උඹ තමා මේ සිරිමත් මාව නාස්ති කරන්නේ...හානේ මේ අපේ කිරිකට් කොල්ලා නේ...අඩෝ මචං දැක්ක කල්!!!" ධනුර්ව ගිහින් සතීර්ශට පොඩි හග් එකක් දුන්නම සතීර්ශ බොරුවට රවලා ධනුර්ව ව එහාට කරා.

"පලයං උඹ අහකට..ඇයි අප්පා ආපු වෙලේ ඉඳන් උඹ පගයො දෙන්නා ලව් කරනවා..මෙතන රිට වගේ හිටන් හිටපු මාව දැන් තමා දැක්කේ!!" සතීර්ශ එහාට වෙද්දි ධනුර්ව ආයෙම නිකං ඇනකොණ්ඩෙක් වගේ ගිහින් බෙල්ල බදාගෙන නාඩගමක් නටද්දි වටේ පිටේ කෙල්ලෝ ටික කටවල් අත් වලින් වහගෙන  දෙන්නා දිහා බල බල යනවා.

කෙකර ගගා ගියාට කමක් නෑ නංගේ!! මගේ පිවිතුරු දෙවෙනි හොර ලව් එකට ඇස් වහ වද්දනවා නෙමේ බේසික කෙල්ලො ටික හහ්!

"අතෑරපන් යකෝ බෙල්ල! උඹ නිකං පිඹුරා වගේ බෙල්ල වටේ එතිලා මට හුස්ම ගන්නත් බෑ පගයො" සතීර්ශ කියද්දි ධනුර්ව පොඩ්ඩක් ඈතට වුණා. ඉතින් එහෙමයි කියලා අත් දෙක තියන් ඉතින් ධනුර්ව නිකං ඉඳී ද. කොහෙත්ම නෑ. ධනුර්ව ගිහින් සතීර්ශගේ පිටට දඩාං ගාලා පාරක් ගැහුවට ජිම් ගිහින් හදාගෙන තිබ්බ ඇඟට පාරක් ගහන්න ගිහින් ඇත්තටම රිදුනේ ධනුර්වට. මුන් යකෝ සේරම ගල් පර්වත වලින් හැදිලද..මගේ සූටි සෝස මලක් වගේ තියන අතත් ඌවා වෙනෝ....

ධනුර්ව රිදෙන අතත් අල්ලගෙන හැටට හැටේ සතීර්ශගේ ඌරු මස් රාත්තලක් වගේ ඇඟට රව රව ක්ලාස් එකට යන්න පිටත් වුණා. ගිහින් සුපුරුදු පරිදි මැද පේලියකින් ඉඳගෙන මෙන්ටොස් එකකුත් උදේම දිග ඇරගත්තේ හැමදාම වගේ මේවා කාලම සීනි අමාරුව හැදෙනවා කිය කිය අහුරක්ම කටේ දාගන්න ගමන්. උදේ උද්යෝගයෙන් හිටියට මොකද හවස් වෙනකොට ධනුර්ව හිටියේ ස්පංචි කියාගන්න බැරි ගානට. මූණ සුදුමැලි වෙලා කොයි වෙලාවේ ඇදගෙන වැටෙයිද හිතාගන්න බැරි මට්ටමේ හිටියේ.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now